Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවේ උපත් අනුපාතය පහළ ට

ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් නිකුත් කරන ලද වාර්තාවකින් අනාවරණය වී තිබේ.

වර්තමානයේ මෙරට උපත් අනුපාතිකය 1.9 ක් වන අතර, ජනගහනය ස්ථාවරව පවත්වා ගැනීමට අවශ්‍ය 2.1 ක අගයට වඩා එය අඩු අගයකි.

UNFPA නියෝජිත කුලී අඩෙනියි මහතා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සමඟ පැවති සාකච්ඡාවලදී ඔවුන්ගෙන් බහුතරයක් පවුලක් ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන නමුත්, පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔවුන් එම තීරණය කල් දමා ඇති බවයි.

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජීවන වියදම දෙගුණ වී ඇති බවත්, නිවාස හා ආහාර සඳහා වන වියදම් විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය හේතුවෙන් තරුණ පිරිස් පවුලක් ආරම්භ කිරීමේ අපේක්ෂාව තාවකාලිකව නවතා දමා තිබෙනවා.

එමෙන්ම දරුවන් ලැබිය හැකි වයසේ පසුවන වැඩිහිටියන්ගෙන් ආසන්න ලෙස 20% ක් විශ්වාස කරන්නේ තමන්ට අවශ්‍ය දරුවන් සංඛ්‍යාව බිහි කිරීමට නොහැකි වනු ඇති බව ද UNFPA වාර්තාවට අනුව සඳහන්.

Related posts

சுதந்திர தினம் இம்முறை தேசிய தினமாக கொண்டாடப்படவுள்ளது

Mohamed Dilsad

Ton-up Bairstow stars as England book World Cup semi-final spot

Mohamed Dilsad

கண்டி மாவட்டத்தில் குடிநீர் வழங்கல் திட்டம் பொது மக்களின் பாவனைக்கு

Mohamed Dilsad

Leave a Comment