Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාව, බලය ලබා ගැනීමට පෙර පැවසූ මහා පරිමාණ හොරකම් වංචා දූෂණ සම්බන්ධයෙන් මේ වන විටත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන

වර්තමාන ආණ්ඩුව බලය ලබා ගැනීමට පෙර පැවසූ මහා පරිමාණ හොරකම් වංචා දූෂණ සම්බන්ධයෙන් මේ වන විටත් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුව නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි.

දැන් අත්අඩංගුවට ගනිමින් ඉන්නේ බඩ ඉරිගු ඇට බෙදීම, කැරම් බෝඩ් බෙදීම, වැනි සිල්ලර චෝදනා වලට පමණක් බවද හෙතෙම කියා සිටියි. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.

“දෙසිය විසි­පහේ හොර­කම නතර කළාම මේ රටේ ප්‍රශ්න­ව­ලින් සිය­යට පන­හක් විස­ඳෙ­නවා කියලා පට්ට­පල් බොරු කියූ ජනතා විමුක්ති පෙර­මු­ණට මාස අටක් අවු­රු­ද්දක් කිට්ටු වෙන්නත් ඇවිල්ලා මිනි­සුන්ට දැනෙන වෙන­සක් කරන්න බැරි වෙලා.

හැබැයි ඒ කිවුව මහා පරි­මාණ හොර­කම් නතර වෙලා නම්, මහා පරි­මාණ හොර­කම් ටිකට දඬු­වම් ලබ­නවා නම් මිනි­සු­න්ටත් අප­ටත් ගොඩක් සතුටු වෙන්න පුළු­වන්.

නමුත් අපි දකින්නේ බඩ­ඉ­රිඟු ඇට බෙදලා, කැර­ම්බෝඩ් බෙදලා, කැබි­නට් තීර­ණ­යක් නැතිව මොනවා හරි කරලා වගේ සිල්ලර වැරැ­දි­ව­ලින් අත්අ­ඩං­ගු­වට ගැනීම් පම­ණයි.

ආර්ථි­ක­යට දැවැන්ත හානි­යක් වුණා කියලා කියූ දැවැන්ත හොර­කම් සම්බ­න්ධ­යෙන් සිදු වන අත්අ­ඩං­ගු­වට ගැනීම්, යළි ඒ මුදල් පවරා ගැනීම් තවම අපට දකින්න ලැබුණේ නෑ. එනිසා මේක වඩාත් ඵළ­දායී වෙන්නේ ඒ වර්ගයේ දඬු­වම්ව­ලින් කිය­ලයි මම විශ්වාස කරන්නෙ. සිල්ලර අත්අ­ඩං­ගු­වට ගැනීම් කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒවත් කළ යුතුයි. හැබැයි ප්‍රශ්නය මීට වඩා විශා­ලයි කියලා තමයි මේ අය කිවුවේ”

Related posts

ஜனாதிபதி தலைமையில் சக்யா பல்கலைக்கழக பாராட்டு விழா

Mohamed Dilsad

யோஷித ராஜபக்ஷ மீண்டும் கடற்படை சேவையில்

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment