Trending Newsඑසැන පුවත්දේශීය

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම් දෙයි. පෙරහැර අනිද්දා (18) රාත්‍රී 08.00 සිට පසු දින අලුයම 01.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහැර දේවාලයෙන් අරම්භ කර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කරවනැල්ල නගරය දක්වා ගමන් කර, කෑගල්ල අවිස්සාවෙල්ල මාර්ගයේ කෑගල්ල දෙසට මීටර් 300ක් පමණ ගමන් කිරීමෙන් පසු වැන්දල විහාරස්ථානය අසලින් හරවා එම මාර්ගයේම නැවත කබුළුමුල්ල දේවාලයට ප්‍රවේශ වීමට නියමිතව ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

පෙරහැර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීමේදී රථ වාහන ගමනා ගමනයට සිදු වන අවහිරතාවය හේතුවෙන් එම කාලය තුල එම මාර්ගය භාවිතා කිරීමට අපේක්ෂිත රියදුරන් හට ඇති වන අපහසුතාවය අවම කිරීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය එම රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

විකල්ප මාර්ග,

හැටන් දෙස සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කරන වාහන යටියන්තොට නවට හංදියෙන් දකුණට ඇති පරුස්සැල්ල පනාපිටිය මාර්ගයේ වරාවල හංදිය දක්වා ගමන් කර, වමට හැරී කෑගල්ල අවිස්සාවෙල්ල ප්‍රධාන මාර්ගයේ කරවනැල්ල හංදිය දක්වා ගමන් කර දකුණට හැරී අවිස්සාවෙල්ල දෙසට ගමන් කළ හැක.

කොළඹ දෙස සිට හැටන් දෙසට ගමන් කරන වාහන කරවනැල්ල හංදියෙන් වමට හැරී කෑගල්ල අවිස්සාවෙල්ල ප්‍රධාන මාර්ගයේ වරාවල හංදිය දක්වා ගමන් කර, දකුණට හැරී බුලත්කොහුපිටිය මාර්ගයේ පනාපිටිය හංදිය දක්වා ගමන් කර, දකුණට හැරී හපුගම්මන පරුස්සැල්ල මාර්ගයේ නවට හංදිය දක්වා ගමන් කර ප්‍රධාන මාර්ගයට පිවිස වමට හැරී හැටන් දෙසට ගමන් කළ හැක.

Related posts

தமது கோரிக்கைகளுக்கு தீர்வு கிடைக்க பெற்றால் போராட்டம் நிறுத்தப்படும்

Mohamed Dilsad

ආපදාව වළක්වා නොගැනීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Editor O

Three New Supreme Court judges take oaths before President

Mohamed Dilsad

Leave a Comment