Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී ට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී චෝදනා එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකිකයෙකු වන සෙන්තුරන් සෙල්වකුමාර් නැමති හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට කැනඩාවේ පුරවැසිභාවය ලබා දීමට සහය පළ කිරීම සඳහා ගැරී ආනන්දසංගරී මහතා විසින් ලිපි දෙකක් යොමු කර ඇති බවය. 2016 වර්ෂයේ දී හා 2023 වර්ෂයේ දී කැනේඩියානු දේශ සීමා නියෝජිත ආයතනය වෙත අදාළ ලිපි යොමුකර ඇති බව සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටිය දී ආනන්දසංගරී මහතා විසින් මෙම ලිපි යොමුකර ඇති අතර අදාළ පුද්ගලයා සෘජුවම එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ බවට එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අවස්ථා කිහිපයක දී පුරවැසිභාවය ලබා දීමේ ඔහුගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මානුෂීය කරුණු පිළිබඳ සලකා බලා හා සෙන්තුරන් සෙල්වකුමාර් නැමති අදාළ පුද්ගලයාගේ පවුල විසිරීයාමට සාධක පවතින බැවින් ඔහුට කැනඩාවේ නිත්‍ය පුරවැසිභාවය ලබාදීමට පියවර ගන්නා ලෙස ගැරී ආනන්දසංගරී මහතා අදාළ ලිපි මගින් ඉල්ලීම් කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් බැවින් ආනන්දසංගරී මහතා සිදුකර ඇත්තේ ත්‍රස්තවාදයට සහය පළ කිරීමක් බව ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා වල සඳහන්.

කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වන ගැරී ආනන්දසංගරී මහතා එලෙස ත්‍රස්තවාදයට ආධාර අනුබල දෙන පුද්ගලයෙකු බැවින් ඔහු අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම ගැටලු සහගත බව එරට අග්‍රාමාත්‍යවරයාට ද දැනුම් දී තිබේ.

කෙසේවෙතත් අදාළ චෝදනා සම්බන්ධයෙක් කැනේඩියානු මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්දසංගරී මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග වන බැවින් ඒපිළිබඳ නිශ්චිත කරුණු දැක්වීම නොසුදුසු බවය.

 එමෙන්ම අමාත්‍ය ධුරය ලබා ගැනීමෙන් අනතුරුව තමන් කිසිවිටකත් එවැනි ඉල්ලීම් ලිපි ඉදිරිපත් කර නොමැති අතර කැනේඩියානු දරුවෙකු සිටින පුරවැසියෙකුගේ පවුලක් බිදී යාම වැලැක්වීමේ අරමුණින් තමන් සිදුකළ දැනුම් දීම අසාමාන්‍ය දෙයක් නොවන බව ගැරී ආනන්දසංගරී මහතා පෙන්වා දී ඇත.

තමන් කිසිවිටකත් ත්‍රස්තවාදී සංවිධානයකට සහය නොදක්වන බවත් ත්‍රස්තවාදී සංවිධානයකට පක්ෂව තීරණ නොගන්නා බවත් අදාල නිවේදනය මගින් ආනන්දසංගරී මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

බදු ගෙවීමේ පහසු ක්‍රමවේදයක්

Mohamed Dilsad

PAFFREL calls for new laws on presidential candidates

Mohamed Dilsad

අද දිනට කොරෝනා මරණ 5ක්

Mohamed Dilsad

Leave a Comment