Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රිය සේවකයෝ රාජකාරිය පැහැර හැරලා – විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික විගණන කාර්යාලයෙන් නිර්දේශ

දුම්රිය සන්නිවේදන පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය වර්තමානය වන විට ඵළදායී ලෙස ක්‍රියාත්මක නොවන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

දුම්රිය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් දුම්රිය සන්නිවේදන පද්ධතිය නවීකරණය සඳහා වූ ව්‍යාපෘතිය 2020 නොවැම්බර් මාසයේ දී අවසන් කර තිබුණ ද එම ව්‍යාපෘතිය මඟින් බලාපොරොත්තු වූ ප්‍රතිඵළ අත්වී නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.

දුම්රිය සන්නිවේදන පද්ධතිය නවීකරණය සඳහා වූ ව්‍යාපෘතියේ කාර්ය සාධන විගණනය ප්‍රකාශයට පත්කරමින් ජාතික විගණන කාර්යාලය මේ බව දැනුම් දී තිබේ.

දීප ව්‍යාප්තව දුම්රිය සේවාවේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම දුම්රිය සන්නිවේදන පද්ධතිය නවීකරණය සඳහා වූ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණි.

කෙසේවෙතත් එම පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දී ඊට අදාළ සියලු නිලධාරීන් පෞද්ගලිකව සහ සාමූහික වශයෙන් පද්ධතියට ඇතුළත් නොවීම, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගිවිසුම් ප්‍රකාරව අදාළ සන්නිවේදන නියෝජිතායතනයෙන් නඩත්තු කටයුතු සිදුකර ගැනීමට පියවර නොගැනීම, සමස්ත පද්ධතියේ කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණ ක්‍රමවේදයක් නොතිබීම යනාදී ප්‍රධාන දුර්වලතාවයන් හේතුවෙන් මේ වන විට ව්‍යාපෘතිය කාර්යක්ෂම සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවන බවට අනාවරණය වී තිබේ.

මෙම සන්නිවේදන පද්ධතියේ උපාංග රාජකාරී කටයුතු සඳහා භාවිතා කිරීම අනිවාර්ය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් නිකුත් කර තිබුණ ද ඒ අනුව ඇතැම් නිලධාරීන් කටයුතු කර නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එලෙස චක්‍රලේඛයට පටහැනිව කටයුතු කර ඇති නිලධාරීන් රාජකාරී කටයුතු පැහැර හැරීම සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීම සිදුකළ යුතු බව සිය වාර්තාව මඟින් ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර තිබේ.

එමෙන්ම මෙම පද්ධතිය සාර්ථක ලෙස සහ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා දීපව්‍යාප්තව පුළුල් සංඥා ආවරණයක් ස්ථිපිත කිරීම සඳහා පියවර ගන්නා ලෙස ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් දැනුම් දී ඇත.

Related posts

முகப்பருக்களால் பிரச்சினையா? இதோ சில நிரந்தரமான இயற்கை சிகிச்சைகள்

Mohamed Dilsad

අද දිනය තුළ විදුලිය නොකපන බව CEB කියයි

Mohamed Dilsad

US sends more troops amid tanker tension with Iran

Mohamed Dilsad

Leave a Comment