Trending Newsඑසැන පුවත්දේශීය

විගණකාධිපති තනතුර යාළුවෙක්ට…? සුරාබදු කොමසාරිස් තනතුර මාලිමාවේ ජාතික ලැයිස්තු අපේක්ෂිකාවගේ සැමියාට…? උදය ගම්මන්පිළ මේ කියන්නේ ඇත්තද…?

වැඩ බලන විගණකාධිපති ගේ සේවය දිගු කරමින් කල් අරින්නේ ජනාධිපති ගේ කැලණි සගයා එම තනතුරට පත්කිරීමේ බලාපොරොත්තුවෙන් යැයි

පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය. ඔහු මෙම අදහස් පළ කළේ, ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක දී ය. එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා මෙසේ ද කීවේය.

මාලිමා ආණ්ඩුවේ ගජමිතුරු පත්වීම්

”විගණකාධිපති තනතුර අප්‍රේල් මාසයේ සිට පුරප්පාඩුයි.  ඒ තනතුරට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම් සහ පලපුරුද්ද වැඩ බලන ධර්මපාල ගම්මන්පිල මහතාට තිබෙනවා.  ඒ වගේම දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ සහයෝගය තිබෙනවා.  විගණන නිලධාරින්ගේ සංගමය සුදුස්සාට සුදුසු තැන දෙන්න  ගම්මන්පිල මහතා පත් කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් කලා විතරක් නොවේ මාධ්‍ය හමුවක් තියලා රටටත් කිව්වා. ඒ ඉල්ලීම් පැත්තක තියලා ජනාධිපතිතුමා තමන්ගේ කැලණි සගයෙක් විගණකාධිපති තනතුරට පත් කරන්න උත්සාහ කළා.  නමුත් ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජය නියෝජනය කරන කීර්තිමත් වෘත්තියවේදින් තුන්දෙනා ඉතා ම නිර්භීතව ජනපතිගේ යෝජනාව ප්‍රතික්ෂේප කළා.  ඒ නිසා තමන්ගේ මිත්‍රයා විගණකාධිපති තනතුරට පත් කර ගන්න බැරි වුණා.

විගණකාධිපති තනතුර විධායකයෙන් ස්වාධීන වෙන්න ඕනි කියලා මුළු ලෝකය පුරා පිළිගත් සම්මතයක් තිබෙනවා. ඒ නිසා අන්ත දූෂිතයි කියලා චෝදනා ලබපු ජනාධිපතිවරු අගමැතිවරුවත් කවදාවත් තමන්ගේ යාළුවන් විගණකාධිපති තනතුරට පත් කර ගන්න උත්සාහ කරලා නෑ. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ජනාධිපතිවරයෙකු තමන්ගේ මිත්‍රයෙක් විගණකාධිපති කර ගන්න මෙතරම් වෑයම් කරන්නේ. තමන්ගේ ආණ්ඩුව දූෂණයෙන් තොර නම්, හොරකම් කරන්න බලාපොරොත්තුවක් නැති නම් කවුරු විගණකාධිපති වුණාම ආණ්ඩුවට මොකද? ඇයි සුදුස්සෙක් පත් වෙනවාට ජනාධිපති මෙතරම් බය වෙන්නේ?

මේ වන විට නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එන්. ඩී. එන්. ‍ඒ. ‍ප්‍රේමරත්න සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කරලා තියෙනවා. නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක් කිව්වාම අපිට හිතා ගන්න පුළුවන්. නාවික කටයුතු පිළිබඳ ප්‍රවීණයෙක්. ඒ නිසා වරාය අධිකාරියේ සභාපති වුනා නම්, සමුද්‍ර දුෂණ වැළැක්විමේ අධිකාරියේ සභාපති වුනානම් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. නැව් සංස්ථාවේ සභාපති වුනානම් අපිට තේරුම් ගන්න පුළුවන්.

නාවික හමුදාවේ කොමදෝරු මහත්තයෙක් සුරා බදු ගැන මොනවා ද දන්නේ…, එතුමා සුරාව පිළිබඳ විශේෂඥවරයෙක් ද කියලා නම් අපි දන්නේ නෑ. හැබැයි බදු පිළිබඳ කිසිම අවබෝධයක් නෑ. එහෙම කෙනෙක් මෙහෙම පත් කරන්නේ ඇයි? මේ තනතුර ගැන එක පැත්තකින් කියනවා ප්‍රේමරත්න මහතා තඹුත්තේගම උපන් කෙනෙක් කියලා. ගමට ඇදලා තියෙන්නේ.

එක පැත්තකින් තඹුත්තේගම ගමට ඇද්දා කියලා කතාව යනවා. අනිත් පැත්තෙන් මෙතුමාගේ බිරිඳ තමයි මාලිමාවේ ජාතික ලැයිස්තු අපේක්ෂිකාවක් වෙලා හිටිය කැලණිය විශ්වවිද්‍යාලයේ වසන්තා සුබසිංහ මැතිණිය. එක පැත්තකින් කැලණියට අදිනවා කියන චෝදනාවත් ඔප්පු කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ගමට අදිනවා කියන චෝදනාවත් ‍ඔප්පු කරලා තියෙනවා. රටේ ප්‍රධාන තනතුරු මෙහෙම පක්ෂාග්‍රාහිව ලබා දුන්නොත් ඥාති සංග්‍රහයට මිත්‍ර සංග්‍රහයට ගමේකමට දෙන්න ගියොත් රට හදන්නේ කෙහොමද? මේකද?  ඔබතුන්ලා රටට ‍පොරොන්දු වුන පුනරුදය කියලා අපි ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරනවා.

පවුල්වාදයේ නිරුවත

මෙතුමා හමුදා සාමුහිකයෙත් ඉඳලා තියෙනවා කියලා තමයි ආරංචිය එක පැත්තකින් තබුත්තේගම කෙනෙක් එක පැත්තකින් හමුදා සමුහිකයේ කෙනෙක් අනිත් පැත්තේන් මාලිමාවේ අපේක්ෂිකාවක‍ගේ සැමියෙක්. වසන්තා සුබසිංහ මැතිණියට මේ වන විටත් වික්‍රමාආරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ උප කුලපති තනතුර ලබා දිලා තියෙන්නේ. මහත්තයාට මේ පැත්තෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර ලබා දිලා ඒ කියන්නේ. අර පවුල්වාදය නැති කරනවා කිව්වා පවුල්වාදයම තවදුරටත් තහවුරු කරමින් ඉන්නවා  කියන්න මේක උදාහරණයක්.

Related posts

பெருந்தோட்டத் தொழிலாளர்களை கடமைக்கு திரும்புமாறு ஜனாதிபதி வேண்டுகோள்

Mohamed Dilsad

සූදු වෑන් මාධ්‍ය හමුවට අදාළ CID පරීක්ෂණ අවසන්

Mohamed Dilsad

Supermaxis vie for early lead in Sydney-Hobart yacht race

Mohamed Dilsad

Leave a Comment