දේශීය

අද දිනය තුළ විදුලිය නොකපන බව CEB කියයි

(UTV | කොළඹ) – අද (15) දිනය තුළ විදුලි කප්පාදු කිරීමක් සිදු නොවන බව විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, හදිසි බිඳ වැටීමක් සිදු නොවුණහොත් අද දිනය තුළ අඛණ්ඩව විදුලි සැපයුම පවත්වා ගෙන යා හැකි බව ය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් විදුලි උත්පාදනය සඳහා ඩීසල් මෙට්‍රින් ටොන් 3,000ක ප්‍රමාණයක් ලබා දීම හේතුවෙන් මෙලස අද දිනය තුළ විදුලි සැපයුම අඩාල නොවන පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

බේරුවල ගම්මාන 2 ක් හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

අද පැය දෙකක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

අපයෝජනයට සහ අනාරක්ෂිතභාවයට ලක්වන ළමයින් පිළිබඳ දත්ත පද්ධතියක්

Mohamed Dilsad

Leave a Comment