Trending Newsඑසැන පුවත්දේශීය

මහනුවරදී අද (10) ඇරඹෙන 20-20 තරඟය ගැන චරිත් අසලංකගෙන් ප්‍රකාශයක්

මහනුවර පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේදි අද (10) ඇරඹෙන විස්සයි විස්ස ශ්‍රී ලංකා බංගලාදේශ තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දිනේෂ් චන්දිමාල්,දසුන් ශානක සහ චාමික කරුණාරත්න ක්‍රීඩා කරන්නේනම් ඒ කුමන ස්ථානවලද යන්න ශ්‍රී ලංකා නායක චරිත් අසලංක විසින් මාධ්‍ය හමුවේ පැවසීය.

වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සහ ජෙෆ්රි වැන්ඩර්සේ සහ මහේෂ් තීක්ෂණත්, දසුන් ශානක සහ චාමික කරුණාරත්න සමඟ තමාත් පන්දු යැවීම සඳහා දායක විය හැකි මට්ටමේ සිටින බව චරිත් මෙහිදී පැහැදිළි කළේය. චන්දිමාල් අංක 1,2 හෝ 3 යන ස්ථානයට ඇතුළත් කිරීමේ අදහසින් කණ්ඩායමට ආදේශ කර ඇති බව ප්‍රකාශ කළේය.

චාමික කරුණාරත්නට අංක 7 ස්ථානය වෙන් කරන බව පෙන්වා දුන් චරිත්,දසුන් ශානකට අංක 6 ස්ථානය වෙන් වුව ද,තරගයේ ස්වභාවය අනුව ඔහු පෙරට ඒමට ද ඉඩ තිබෙන බව පැවසුවා.ඊට හේතු ලෙස නායකයා පැහැදිළි කළේ ඔහු කණ්ඩායමේ සිටින වේගයෙන්ම ලකුණු රැස් කළ හැකි කීඩකයා වීම ඊට හේතුව වූ බවයි.

අවිශ්ක ගුණවර්ධන ලබා දුන් අවස්ථාවලදී අසාර්ථකවී තිබියදී කණ්ඩායමට තෝරාගෙන තිබීම සම්බන්ධයෙන් යම් වක්‍ර ව්රෝධයක් එල්ල වුණත්,එයට පැමිණි ප්‍රශ්ණයේ දිශාව වෙනස් කරමින් වෙනත් පැත්තකට පිළිතුර හරවා යැවූ චරිත් අසලංක පැවසුවේ, ඔහු පසුගිය කාලයේ විස්සයි විස්ස තරගවලදී අංක 4 පිතිකරුවා ලෙස පෙන් වූ දස්කම් සළකා එම ස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කිරීම ගැන සැළකිල්ල යොමු කර කණ්ඩායමට ඇතුළත් කළ බවයි.

Related posts

අවි නිෂ්පාදනාගාරයක් වටලයි[PHOTOS]

Mohamed Dilsad

යාල්දේවි පීලිපැනීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

Mohamed Dilsad

தேங்காய் தொழிற்சாலை ஒன்றில் திடீர் தீப்பரவல்

Mohamed Dilsad

Leave a Comment