Trending Newsඑසැන පුවත්දේශීය

යුනස්කෝවෙන්, සීගිරියට අදාළව රතු නිවේදනයක්

ලෝක උරුම සීගිරියට බලපෑම් කරන අනවසර ඉදිකිරීම් 124 ඉවත් කිරීම සඳහා සැලසුම් සකස් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා සඳහන් කරයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, මේ වන විට සීගිරිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමක් නැතිවුවත් ඉදිරියේදී මෙම අනවසර ඉදිකිරීම් සීගිරියට යම් තර්ජනයක් එල්ලකරනු ඇති බවයි.

අතිවිශාල දෙස් විදෙස් ආකර්ශනයක් හිමිකර දෙමින් 1982 වසරේදී යුනෙස්කෝ ලෝක උරුමයක් බවට සීගිරිය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් වර්තමානය වනවිට සීගිරිය අවට දිනෙන් දින ඉදිවන අනවසර ඉදිකිරීම් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් සීගිරිය ඉවතට විසිකිරීමේ අවදානමක් මතුකර ඇති බවට ජාතික පුවත්පත් කිහිපයක් අද වාර්තා කර තිබිණ.

මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ද අදහස් පළ කළේය.

“මෙම අනවසර ඉදිකි‍රීම් මෙවැනි සංවේදී තැන්වල සිදුවෙලා තියෙන්නේ පසුගිය රජයන් මේ වෙනුවෙන් කටයුතු කළ විදිහ සහ අවසරදීමේ පිළිවෙලක් නැති නිසා. සීගිරියේ පර්වතයේ ඉඳලා 200 සීමාව සහ යාර 400 සීමාව කියන  කොටස ඇතුළේ අනවසර ඉදිකිරීම් 124ක් තියෙනවා. ඒවා ඉවත් කරන්න අවශ්‍ය කටයුතු අපි දැන් දියත් කරලා තියෙනවා. ආයතන 15 එකතු කරලා අන්තර් ආයතනික කමිටුවක් හදලා තියෙනවා. රජය මේ අයව ඉවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රාමාණික වැඩපිළිවෙලක් හදලා.”

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් නිලධාරියෙක් CID අත්අඩංගුවට

Mohamed Dilsad

පිටකොටුවේ නාට්ටාමිවරුන් වර්ජනයක

Mohamed Dilsad

குடிநீர் போத்தல்கள் தொடர்பில் வெளியாகியுள்ள பரபரப்பான தகவல்

Mohamed Dilsad

Leave a Comment