Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති රාජිත අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

අල්ලස් නඩුවකට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. දූෂණ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ මේ බව සඳහන් කර තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ අදාළ නඩුකරයට සම්බන්ධයෙන් එවකට විෂය බාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අද (27) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නියෝග කර තිබුණි.

Related posts

අම්පාරේ පාසලක ළමයින් 15 දෙනෙකු රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Editor O

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සඳහා දුරකථන අංක කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment