Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන්වලට හානි සිදුව ඇති බව ඉරානය පිළිගනියි.

ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ඉරානය ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් රටේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බරපතළ හානි සිදුව ඇති බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි එරට රාජ්‍ය ගුවන් විදුලි නාලිකා‍වකට එක් වෙමින් මෙම ප්‍රකාශය සිදුකර ඇති බවය. එහිදී අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය විසින් හානිය තක්සේරු කරමින් සිටින බවය.

එමෙන්ම වාර්තා වන ඉරාන අමෙරිකා න්‍යෂ්ටික සාකච්ඡා සම්බන්ධව අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ එක්සත් ජනපදය සමග න්‍යෂ්ටික සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ කිසිදු සැලැස්මක් නැති බවය.

“නව සාකච්ඡා ආරම්භ කිරීම සඳහා කිසිදු ගිවිසුමක්, විධිවිධානයක් හෝ සංවාදයක් ඇති කර ගෙන නොමැති බව මම පැහැදිළිව ප්‍රකාශ කරන්න කැමතියි. ඉරාන ජනතාවගේ අවශ්‍යතා මොනවාද යන්න රජය පරීක්ෂා කරමින් සිටිනවා” යැයි ඔහු එරට රාජ්‍ය ගුවන් විදුලියට අදහස් දක්වමින් පවසා ඇත.

Related posts

ලබන අවුරුද්දේ මුල තවත් ඡන්දයක්

Editor O

சுவிஸ் தூதரக பெண் அதிகாரி இன்று நீதிமன்றில்

Mohamed Dilsad

රියදුරු පුහුණුව අතර තුර දී තරුණියක් මරුට

Mohamed Dilsad

Leave a Comment