Trending Newsඑසැන පුවත්දේශීය

උතුරේ ඉඩම් අක්කර 5,941ක් පවරා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයට නියෝගයක්

උතුරු පළාතේ පිහිටි හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර 5,941ක් රජයට පවරා ගැනීමේ අරමුණින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

යසන්ත කෝදාගොඩ, සම්පත් අබේකෝන් සහ සම්පත් විජයරත්නය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

පෙත්සම්කරු කියා සිටින්නේ යාපනය, කිලිනොච්චිය සහ මුලතිවු දිස්ත්‍රික්කවල පිහිටි මේ මස 28 වනදා දක්වා හිමිකම් ප්‍රකාශ නොකර තිබෙන ඉඩම් රජයට පවරා ගැනීමේ අරමුණින් ඉකුත් මාර්තු මස 28 වනදා රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බවය.

මේ ආකාරයෙන් උතුරු පළාතේ පිහිටි ඉඩම් අක්කර 5,941ක් රජයට පවරා ගැනීමට අදාළ ගැසට් නිවේදනය තුළින් සැලසුම් කර ඇති බව අනාවරණය වී තිබෙන බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

උතුරු පළාතේ පවතින ඉඩම් බොහොමයක හිමිකරුවන් මේ වන විට විදේශගතව සිටින නිසාත් ඇතැම් ඉඩම්වල හිමිකම් සම්බන්ධයෙන් නිරවුල් නොවන තත්ත්වයක් පැවතීම නිසාත් මේ ආකාරයෙන් ඉඩම් පවරා ගැනීමට රජය විසින් නිකුත් කර ගැසට් නිවේදනය තුළින් උතුරු පළාතේ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවන බවත් පෙත්සම්කරු චෝදනා කරයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Related posts

සජබ, මාලිමා, අලි, පොහොට්ටු එකට ඡන්දය දී සම්මත කළ අයවැයක්…

Editor O

රුසියානු ජනාධිපතිගෙන් මෙරට ජනපතිට සුවිශේෂී තිළිණයක්

Mohamed Dilsad

கென்யாவில் விமான விபத்து – 5 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment