Trending Newsඑසැන පුවත්දේශීය

පුළුල් දැක්මක් සහිත ව්‍යවස්ථා සංශෝධනයක් රටට අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රටේ මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පුළුල් දැක්මකින් යුත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ තානාපති, වෝල්කර් ටර්ක් මහතා පාර්ලිමේන්තුවේ දී අද (25) හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ තානාපති වෝල්කර් ටර්ක් මහතාගේ පැමිණීමත් සමග රටේ මානව හිමිකම් ක්ෂේත්‍රය ගැන සංවාදයක් ඇතිව තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මානව හිමිකම් ආරක්ෂා කිරීම ඉතාම වැදගත් වන බවද විපක්ෂ නායකවරයා එහිදී පෙන්වා දෙයි.

විශ්වීය මානව හිමිකම් පිළිබඳ ප්‍රකාශය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ගැන ප්‍රඥප්තිය, ආර්ථික සමාජීය අයිතින් ආරක්ෂා කිරීමේ ප්‍රඥප්තිය, කාන්තා ළමා හා ආබාධිත පුද්ගලයින්ගේ අයිතිය රැකීම, ජනවාර්ගික වශයෙන් වෙනස් නොකර සිටීම, හිංසනයෙන් බැහැර වීම හා පාරිසරික අයිතින් සුරැකිම ආදී ලොවම පිළිගත් මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ සුවිශේෂී කරුණක් බවද හෙතෙම කීවේය.

Related posts

UNWTO calls on global community to support Sri Lanka tourism

Mohamed Dilsad

துப்பாக்கியுடன் நபரொருவர் கைது

Mohamed Dilsad

Minister Rishad Bathiudeen joined President in London to meet with Lankan expatriates [VIDEO]

Mohamed Dilsad

Leave a Comment