Trending Newsඑසැන පුවත්දේශීය

මහෙස්ත්‍රාත්වරයෙක්ගෙන් නිදහසට කරුණු විමසයි

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මොරටුව මහෙස්ත්‍රාත් තිලින ගමගේට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර තිබේ. ඒ, අනීතික ලෙස අලි පැටවෙකු තමන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙනි.

එම චෝදනා පත්‍රයේ සඳහන් විෂමාචාර / වැරදි අනුව ඔහුව සේවයෙන් පහ නොකිරීමට හෝ වෙනත් අයුරකින් දඬුවම් නොපැමිණවීමට හේතු ඇතොත් දින 21ක් තුළ දැනුම් දෙන ලෙසයි අධිකරණ සේවා කොමිෂන් සභාව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී ඇත්තේ.

මෙම සිද්ධියට අදාළව තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයාව මීට පෙර වැඩ තහනමකට ද ලක්කර තිබූ අතර මීට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ද ගොනුකර තිබිණි.

කෙසේවෙතත් එම නඩුවෙන් ඔහුව නිදොස්කොට නිදහස් කිරීමට 2021 දෙසැම්බර් 21 වනදා කොළඹ මහාධිකරණය නියෝග කළ අතර ඉන් අනතුරුව ඔහුව නැවත සේවයෙහි පිහිටුවන ලදී.

මේ අතර, ආරංචිමාර්ග පැවසුවේ මහාධිකරණ විනිසුරුවරුන් වශයෙන් උසස්කිරීම සඳහා මෑතකදී සකස් කෙරුණු මහෙස්ත්‍රාත්වරුන්ගේ නම් ලැයිස්තුවෙහි ද තිලින ගමගේගේ නම ඉහළින්ම සඳහන්ව ඇති බවය.

Related posts

Three top Police teams sent to Kandy

Mohamed Dilsad

ரயில்வே ஊழியர்கள் இன்று நள்ளிரவு முதல் வேலை நிறுத்தத்தில்

Mohamed Dilsad

Iththekande Saddhatissa thera & 9 others in court

Mohamed Dilsad

Leave a Comment