Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

OTTO නාන කාමර උපාංගවලට එස්එල්එස් තත්ත්ව සහතිකය හිමි වේ

මෙරට නාන කාමර උපාංග නිෂ්පාදන සමාගම් අතර ප්‍රමුඛයා වන OTTO බාත්වෙයාර් නිෂ්පාදන ආයතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිරිනමන Sri Lanka Standards (SLS) තත්ත්ව සහතිකය හිමි කර ගනී. OTTO නාන කාමර උපාංග ආරක්ෂාව, කල් පැවැත්ම සහ ක්‍රියාකාරිත්වය යන සෑම අංශයකින්ම පරිපූර්ණ බව ඒ තුළින් තහවුරු වේ. වසර 30ක නිෂ්පාදන අත්දැකීම් සහිත OTTO Bathware, ADI සමූහය (Art Decoration International පෞද්ගලික සමාගම – www.ottobathware.com) යටතේ ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ වර්ග අඩි 435,000ක නවීන කර්මාන්තශාලාව බණ්ඩාරගම පිහිටා ඇත. දකුණු ආසියාවේ විශාලතම සෙරමික් විසිතුරු නිෂ්පාදකයා සහ අපනයනකරු වන එම සමාගම මෙරට දෙවැනි විශාලම නාන කාමර උපාංග නිෂ්පාදකයා වේ. දිවයින පුරා 500කට අධික පිරිසක් OTTO නාන කාමර උපාංග අලෙවි කරති.

ඇතැම් නාන කාමර උපාංග නිෂ්පාදකයන් පිරිවැය අඩු කිරීමට ඒවායේ බර, පිළිස්සීම අඩු කිරීම බරපතල ගැටළුවකි. එයින් නිෂ්පාදනවල ශක්තිමත්භාවයට සහ කල් පැවැත්මට බලපෑමක් වේ. උසස් තත්ත්වයේ නාන කාමර උපාංග නිෂ්පාදනයට අත්‍යවශ්‍ය සාධක දෙකක් වන්නේ අමුද්‍රව්‍ය සහ LP ගෑස්ය. 1240Coක ඉහළ උෂ්ණත්වයක් නාන කාමර උපාංග නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වේ. බරින් අඩු නිෂ්පාදන අඩු උෂ්ණත්ව යටතේ නිෂ්පාදනය තුළින් සියුම් ඉරිතැලීම් ඇති විය හැකිය. කොමඩ්වල ජලය රැඳී තිබෙන බැවින් මෙම ඉරිතැලීම් තුළට ජලය කාන්දු වන අතර අවසානයේ ඒවා කැඩී යයි. එවැනි කැඩී යාමකදී තියුණු සෙරමික් කැබලි, රසදිය Lead (Pb) සහ කැඩ්මියම් Cadmium (Cd) වැනි හානිකර රසායනික ද්‍රව්‍ය නිසා බරපතල තුවාල සිදු විය හැකිය. නාන කාමර උපාංගවල බර දරා ගැනීමේ ධාරිතාව, පීඩන ප්‍රතිරෝධය, කාන්දුවීම්, ෆ්ලෂ් කිරීමේ ක්‍රියාකාරිත්වය, රසායනික ප්‍රතිරෝධය සහ වෙනත් දෝෂ පිළිබඳව පුළුල් පරීක්ෂණ කරමින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කැප වී සිටී. OTTO නාන කාමර උපාංග අදාළ සියලුම පරීක්ෂණවලින් සමත් වී ඇති බැවින් SLS සහතිකය ලැබී ඇත. “මිල පිළිබඳව පමණක් නොසිතා ප්‍රමිතිය තහවුරු කළ, කල් පැවැත්මෙන් ඉහළ නිෂ්පාදන මිල දී ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා.” OTTO සමාගමේ සභාපති එස්. එච්. බී. කරුණාරත්න මහතා පැවසීය.

Related posts

“This NCM rings really true” – ACMC [VIDEO]

Mohamed Dilsad

Three Army Personnel arrested over Keith Noyar incident, remanded

Mohamed Dilsad

ස්වයං නිරෝධායනය සාර්ථකව අවසන් කළ රැසකට සහතිකපත්

Mohamed Dilsad

Leave a Comment