Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ පශු වෛද්‍යවරු හෙට (09) වැඩ වර්ජනයක

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (09) උදෑසන 6:00යේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවෙමින් එම සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා මේ බව සඳහන් කළේය.

රජය පශු වෛද්‍යවරුන් සඳහා වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර ඇති පසුබිමක එය කඩාකප්පල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් දිගින් දිගටම කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස වැඩවර්ජනයකට යෑමට තීරණය කළ බව එම සංගමය පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවල කටයුතු අඩපණ වන බවත් සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව,  වනජීවී දෙපාර්තමේන්තුව, වරායේ සහ ගුවන්තොටුපොළේ සත්ත්ව නිරෝධායන මධ්‍යස්ථාන සහ පළාත් පාලන ආයතනවල පශු වෛද්‍යනයවරුන්ගේ සේවාවන් අඩාල වීමට නියමිත බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

இரண்டரை லட்சம் வெளிநாட்டு சுற்றுப் பயணிகள் இலங்கை வருகை

Mohamed Dilsad

நடமாடும் வங்கி கடன் சேவை

Mohamed Dilsad

Priyanka Chopra bids emotional goodbye to Quantico

Mohamed Dilsad

Leave a Comment