Trending Newsඑසැන පුවත්දේශීය

මේ වසරේ පළමු මාස 03 නේ එළවළු ආනයනය කිරීමට රු. මිලියන 37513ක් වැය කරලා

එළවළු ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ (2025) මුල් මාස තුනේ දී රුපියල් මිලියන 37,513 ක මුදලක් වැය වී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

2024 වර්ෂයේ මුල් මාස තුනේ දී එළවළු ආනයනය කිරීම සඳහා වැය කර ඇත්තේ රුපියල් මිලියන 32,093කි. ඒ අනුව ඉකුත් වර්ෂයේ මුල් මාස තුනට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස තුනේ දී එළවළු ආනයනය කිරීම සඳහා වැය වී ඇති මුදල සියයට 16.9කින් වැඩි වී ඇත.

මෙම වර්ෂයේ මාර්තු මාසයේ දී පමණක් එළවළු ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 13,223ක මුදලක් වැය වී ඇත. ඉකුත් වර්ෂයේ මාර්තු මාසයේ දී ඒ සඳහා වැය වී ඇත්තේ රුපියල් මිලියන 12,182ක මුදලකි.

ලලිත් චාමින්ද

Related posts

“Pakistan ready to provide any assistance to Sri Lanka” – Qureshi

Mohamed Dilsad

Commander meets ‘Paada Yathra’ pilgrims in Yala

Mohamed Dilsad

විශ්ව විද්‍යාල ආරම්භය ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment