Trending Newsඑසැන පුවත්දේශීය

අපි නැතිව නුවරඑලියේ කිසි තැනක බලය පිහිටුවන්න බැහැ – ජීවන් තොන්ඩමන්

ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය නොමැතිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටු වීමට නොහැකි බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා අවධාරණය කරයි.

තොන්ඩමන් මහතා ඒබැව් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බැව් පැවසීය.මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ජීවන් තොන්ඩමන් මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණයට ලංකා කම්කරු කොංග්‍රසය කුකුළා සලකුණින් තරග කිරිම නිසා පළාත් පාලන ආයතන ගණනාවක සභිකයින් රැසක් තේරි පත් වී ඇති බවයි.

පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීම සම්බන්ධයෙන් රජයේ පාර්ශවය සහ තවත් පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා පවත්වන බවත්, එම සාකච්ඡාවල ඇති කර ගන්නා එකගතාවයන් වලට අනුකුලුව තම පක්ෂයේ සහයෝගය එම පාර්ෂවය වෙත ලබා දෙන බවත්, තොන්ඩමන් මහතා පැවසීය.

මේ අතර, පළාත් පාලන මැතිවරණයට ලංකා කම්කරු කොංග්‍රසයෙන් නුවරඑලිය, බදුල්ල, රත්නපුර කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවලට තරගකර තේරි පත්වූ සභිකයින් 69 දෙනෙකු (06) දින දිවුරුම් දෙනු ලැබුවා.

කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා ඉදිරියේදි දිවුරුම් දෙනු ලැබුහ.

මෙම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික මරදපාන්ඩි රාමේෂ්වරම් මහතා ඇතුලු එම පක්ෂයේ ජේෂ්ඨ නායකයින් රැසක් සහභාගි විය.

– රංජිත් රාජපක්ෂ

Related posts

அடுக்குமாடி குடியிருப்பில் தீ விபத்து

Mohamed Dilsad

Sri Lanka and the Czech Republic renew bilateral cooperation

Mohamed Dilsad

‘BALLISTIC MISSILE TEST WAS A SUCCESS’SAYS NORTH KOREA

Mohamed Dilsad

Leave a Comment