Trending Newsඑසැන පුවත්දේශීය

පොසොන් සමයේ මිහින්තලේ ආරක්ෂාවට පොලීසියේ 3500ක්

පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ හෙට (08) දින සිට මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ සහ රථවාහන සැලස්ම ක්‍රියාත්මක වන බවය.

මේ සදහා පොලිස් නිළධාරීන් 3,500කට ආසන්න ප්‍රමාණයක් අනුයුක්ත කර ඇති අතර මෙම පොලිස් නිලධාරීන් ආරක්ෂාව සැපයීම, රථවාහන හැසිරවීම, වැව් ආශ්‍රිත ජීවිතාරක්ෂක කටයුතුවල මෙන්ම සිවිල් ඇඳුමින් ආරක්ෂාව සැපයීම ආදි ක්‍රියාවන් සඳහා අනුයුක්ත කර ඇතැයිද සහකාර පොලිස් අධිකාරිවරයා පැවසීය.

එමෙන්ම වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන්  තමන් සතු වටිනා දේවල් සම්බන්ධව සැලකිළිමත්වන ලෙසත්, පුද බිම් පිරිසිදුව තබා ගැනීමටත්, ප්ලාස්ටික් පොලිතින් රැගෙන ඒමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටින බව පැවසූ සහකාර පොලිස් අධිකාරී වුට්ලර් මහතා පැවසුවේ සැදැහවතුන් සඳහා ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති පොලිස් නිලධාරීන්ට අවශ්‍ය සහාය ලබා දී ඔවුන්ගේද සහාය ලබා ගන්නා ලෙස තමන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවය.

මේ අතර පොසොන් උත්සව සමයේදී බොහෝ දෙනෙකුගේ වැඩි අවධානය යොමු වන්නේ ඓතිහාසික අනුරාධපුර නගරය වෙත වන බැවින් අනුරාධපුර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටද පොලීසිය පියවර ගෙන තිබේ.

ඒ අනුව අනුරාධපුර නගරයේ පහත සඳහන් ස්ථානවල රථගාල් ස්ථාපිත කර ඇති අතර ඒවායෙහි සිය රථවාහන නවතා තැබීම් සිදුකරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

01. රුවන්වැලි සෑය රථ ගාල
02. රුවන්වැලි සෑය ප්‍රභූ රථ ගාල
03. මිරිසවැටිය රථ ගාල
04. වට වන්දනා රථ ගාල
05. ඉසුරුමුණිය පාසල් රථ ගාල
06. ථූපාරාම සුසාන භූමිය රථ ගාල
07. සඳහිරු සෑය රථ ගාල
08. පැරණි භික්ෂු විද්‍යාල රථ ගාල
09. අභයගිරි රථ ගාල
10. ලංකාරාම රථ ගාල
11. සමාධි පිළිම රථ ගාල
12. ජේථවනාරාම රථ ගාල
13. නෙල්ලිකුලම පාසල් රථ ගාල
14. පුරවිද්‍යා හන්දිය රථ ගාල
15. පැරණි බන්ධනාගාර රථ ගාල
16. කුරුණැගල හන්දිය රථ ගාල

Related posts

George Pell case: Australian media defend ‘contempt’ allegations

Mohamed Dilsad

பொலிஸாருக்கு எதிரான முறைப்பாட்டை பதிவுசெய்ய புதிய இணையதளம் அறிமுகம்

Mohamed Dilsad

Minister Bathiudeen joins Mannar candidates to consolidate victory

Mohamed Dilsad

Leave a Comment