Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ නගර සභාවේ ස්වාධීන මන්ත්‍රී දෙදෙනෙක් මාලිමාවෙන් මුදලට අරගෙන – ස්වාධීන කණ්ඩායම අංක 04න් චෝදනාවක්…?

කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහාය ලබාදීම සම්බන්ධයෙන් ‘අංක 04’ ස්වාධීන කණ්ඩායම තුළ මතභේදයත් ඇති වී තිබේ.

එම නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායම් අංක හතර අපේක්‍ෂකයන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ ඔවුන් ආණ්ඩුවට සහය දීමට තීන්දුව ගැනීම සම්බන්ධයෙන් තම කණ්ඩායම සමග කිසිදු සාකච්ඡාවක් නොකළ බවයි.

ඔවුන් හැර එම ස්වාධීන කණ්ඩායමේ සියලු දෙනාම ජාතික ජාතික ජන බලවේගයට සහාය ලබා දීමට විරෝධය පළ කරන බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවේ ඔවුන් පැවසූහ.

ඔවුන් දෙදෙනාද ආණ්ඩුවට සහාය දීමට එක් වූයේ මුදල් ලබාගෙන දැයි සැකයක් මතුව තිබෙන බවත් එම මාධ්‍ය හමුවේදී ඔවුන් අදහස් පළ කළහ.

Related posts

தெரனியாகலையில் 7 வயது சிறுமியும், 45 வயதான நபரும் படுகொலை

Mohamed Dilsad

ආනයනික පොල්තෙල් සඳහා බද්දක්

Mohamed Dilsad

ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් ඇතුළු 05 දෙනෙක් නිදහස්

Mohamed Dilsad

Leave a Comment