Trending Newsඑසැන පුවත්දේශීය

ඇමති මණ්ඩලය වැඩි කිරීමේ සූදානමක්

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 23 සිට 25 දක්වා වැඩි කරමින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ඉදිරි දෙසතිය තුළ සිදු කිරීමට සූදානමම් වන බව වාර්තා වේ. 

මෙහිදී නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාට හෝ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මුනිර් මුලෆ්ෆර් රාජ්‍ය ඇමතිවරයාට හෝ කැබිනට් අමාත්‍ය පදවියක් ලැබෙනු ඇතැයි පැවසේ. 

මෙතෙක් කැබිනට්ටුවේ මුස්ලිම් ජාතික ඇමැතිවරයකු ඇතුළත් නොවූ බැවින් රජය මෙම තීරණය ගෙන ඇත. මේ හැරෙන්නට ආරක්ෂක විෂයට අදාළ අමාත්‍යවරයකුට වෙනත් විෂයක් පැවරීමට ඉඩ ඇති බවද සඳහන්ය. 

එසේම තවත් නව අමාත්‍යවරයකු පත් කිරීමට සැලසුම් කර ඇතත් ඒ ගැන අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවද පැවසේ.  ඒ අතර තවත් නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ විෂය වෙනසක් සිදු කිරීමටද සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.

ජාතික ජනබලවේගය මහ මැතිවරණයේදී ප්‍රකාශ කළ පරිදි කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 25 සීමාවෙහි රඳවා ගනිමින් කැබිනට් සංශෝධනය සිදු කරනු ඇතැයි කියැවෙයි.  මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නැගෙනහිර පළාතෙන් අමාත්‍යවරයකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකු පත්වීමට ඉඩ ඇතැයිද පැවසේ.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවන නිශ්චිත දිනය මෙතෙක් තීන්දු කර නැතත් එය සිදුවන බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ද ප්‍රකාශ කර ඇත

Related posts

நாளை முதல் நாட்டில் ஏற்படப்போகும் மாற்றம்…

Mohamed Dilsad

இலங்கையின் நல்லிணக்க முயற்சிகளுக்கு உதவுவதாக சுவிட்சர்லாந்து உறுதி-சிமோநெட்டா சொமாருகா

Mohamed Dilsad

අල්ලස් කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

Editor O

Leave a Comment