Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්

රාජ්‍ය ආයතන වාහනවලට ඉන්ධන සැපයීමේදී ගෙවීම් සඳහා මෙතෙක් භාවිත කළ කූපන් ක්‍රමය අහෝසි කර නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත. නව කාඩ්පත් ක්‍රමය මාසයක කාලයක් ඇතුළත සියලූ රාජ්‍ය ආයතන සඳහා හඳුන්වා දෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පැවසීය.

හඳුන්වා දීමට පෙර තෙල් සංස්ථාව කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බව ත් අඩුපාඩු සකස් කර ගැනීමෙන් පසු සියලු රාජ්‍ය ආයතන සඳහා එය හඳුන්වා දෙන බව ත් ඔහු සඳහන් කළේ ය. මෙම නව ක්‍රමවේදය පෞද්ගලික ආයතනයන්ට ද භාවිත කළ හැකි බව පැවැසූ සභාපතිවරයා මේ සඳහා වූ බැංකු කාඩ්පත ලංකා බැංකුවෙන් නිකුත් කෙරෙන බවද කීය

නව කාඩ්පත් ක්‍රමය හඳුන්වා දීමෙන් පසු ඉන්ධන ලබා ගැනීමේදී සිදුවන අක්‍රමිකතා වැළකී යන අතර ම ඉන්ධනහල්වලට දින ගණන් ගත නොවී ඒ අවස්ථාවේදී ම ගිණුමට මුදල් බැර වනු ඇත. රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදී කූපන් නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මෙතෙක් පවත්වාගෙන යනු ලැබූ අංශය වසා දැමෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමට ඇතැම් ඉන්ධනහල් විසින් කළ ප්‍රතික්ෂේප කිරීම් ද මෙමගින් මග හැරෙනු ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

Related posts

இங்கிலாந்து அணி வெற்றி

Mohamed Dilsad

Screen Actors Guild slams film academy for Oscar tactics

Mohamed Dilsad

திலங்க சுமதிபாலவிற்கு எதிரான வழக்கு ஒத்திவைப்பு

Mohamed Dilsad

Leave a Comment