Trending Newsඑසැන පුවත්දේශීය

ලබන වසරේ මැයි මාසයේ වෙන්න යන දේ ගැන – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරගෙන් ප්‍රකාශයක්

ලබන වසරේ මැයි 24 වැනිදා වන විට වත්මන් ආණ්ඩුව ගෙදර යවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. ආණ්ඩුවට ජන්දය දුන් ජනතාව විසින්ම එය සිදුකරන බවයි ඔහු සඳහන් කරන්නේ. කොළඹ දී අද (24) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. බලන් ඉන්න. මම අද කිව්වා කියල හිතාගන්න. අද මැයි මාසේ 24. මේගොල්ලෝ ලබන මැයි 24 වෙනකොට ගෙදර යවනවා. අපි නෙවෙයි ඒගොල්ලන්ට ජන්දේ දීපු අය. කුමන හෝ අයුරකින් ආණ්ඩුව කොළඹ මහ නගර සභාව පිහිටුවීමට කටයුතු කළොත් ඔවුන් ගෙදර යන දවස තවත් මාස තුනකින් ඉදිරියට පැමිණෙන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

ඒ අනුව වත්මන් ආණ්ඩුව තව වසරක් යන විට අවසන් වන බව තමන් විශ්වාසයෙන් පවසන බවත් මීට වඩා අනාවැකි තමන් පවසා ඇති බවත් ඒවාද හරිගියා බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Related posts

சுதந்திர கட்சி மற்றும் பொதுஜன பெரமுன கட்சிகளுக்கிடையிலான ஆறாம் கட்ட பேச்சுவார்த்தை இன்று 

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

DAYASIRI ONCE AGAIN CALLED UP BY THE PARLIAMENTARY SELECT COMMITTEE

Mohamed Dilsad

Leave a Comment