Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ නුසුදුසු වචන භාවිතා කළ ඇමති හඳුන්නෙත්තිට, අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාගෙන් පාඩමක්

පාර්ලිමේන්තු කටයුතුවලට බාධාවන ලෙස හැසීරීම නිසා දඬුවම් නියමව සිටින මන්ත්‍රීවරයෙක්ට අදාළව ඇමති සුනිල් හඳුන්නෙත්ති විසින් පහළ වචන භාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ කතා කිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සුදුසු නොවන බව අජීත් පී. පෙරේරා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා මෙසේ ද ප්‍රකාශ කළේය. ‘’පළමු වතාවට ආපු, පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොසලකමින්, බාධාකාරීව හැසිරෙන එක්තරා මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ඒ මන්ත්‍රීවරයාගේ හැසිරීම අපි අනුමත කරන්නේ නැහැ. ඒ මන්ත්‍රීවරයාට දැනටමත් පාර්ලිමේන්තුව විසින් දඬුවම් පමුණුවා තිබෙනවා. නමුත් ඊයේ දිනයේදී ප්‍රශ්නවලට ලක්ව සිටින මන්ත්‍රීවරයා ඉළක්ක කරමින්, සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා විසින් භාවිතා කළ වචන අතිශයින් පහළයි. ප්‍රශ්නය මොකක් වුණාත්, කොච්චර ආවේගශීලී වුණත්, පෞද්ගලික නම්වලින්, නොකිය යුතු වචනවලින් එම මන්ත්‍රීවරයා ට ආමන්ත්‍රණය කළා.

එපමණක් නොව, ඔයා, ඔයා කවුද..? ඔයා මොනවද කරන්නේ, යනුවෙන් සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා කතා කළා. මේ සභාව තුළ සිංහල භාෂාවෙන් කතා කරද්දි, ගරු මන්ත්‍රීතුමා, ගරු ඇමතිතුමා ආදි ලෙස කතා කරනවා. ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් කතා කරනවා නම් එම භාෂාවේ සුදුසු වචනවලින් ගෞරව සහිතව කතා කරනවා. ඒ මතය ගැන සම්පූර්ණයෙන් එකඟ නොවුණත්, එම කාරණය පිළිබඳ දක්වන මතය සම්පූර්ණයෙන් පිළිකුල් කරන මතයක් වුණත්, අද්විතීයීය වාද මණ්ඩපය මේ පාර්ලිමේන්තුව, මේ පාර්ලිමේන්තුව තුළ යම් කරුණක් පිළිබඳව කරුණු දක්වන මන්ත්‍රීවරු සංයමයෙන් කතා කළ යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තුවට ගැලපෙන වචන පාවිච්චි කළ යුතුයි.

මම පුදුමයට පත්වුණේ සුනිල් හඳුන්නෙත්ති ඇමතිතුමා එවැනි වචන භාවිතා කිරීම ගැන. මට එතුමා ගැන පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. නමුත් පොදුවේ මේ සභාවේ ඉන්න පක්ෂ – විපක්ෂ සියලු මන්ත්‍රීවරු තේරුම්ගත යුතු දෙයක් තියෙනවා , අපි එක දවසක විපක්ෂයේ ඉන්නවා. තවත් දවසක ආණ්ඩු පක්ෂයේ ඉන්නවා. මොන පක්ෂෙ හිටියත්, මොන තරාතිරම දැරුවත්, මතවාදය කුමක් වුවත්, එකිනෙකාට ගෞරව කරමින්, කතා කළ යුතුයි. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදාය කැඩුවොත්, මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය හෑල්ලුවට ලක්වෙනවා. ඒ හරහා සමාජය ඉස්සරහා ආයතනයක් වශයෙන් පාර්ලිමේන්තුවත්, ඒ වගේම ව්‍යවස්ථායක ක්‍රියාදාමයත්, සම්පූර්ණයෙන් හෑල්ලුවට ලක්වෙනවා. ඒ පිළිබඳව කතානායකතුමාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.” යැයි ද කීවේය.

Related posts

සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණය ලබන සතියේ

Mohamed Dilsad

Two vehicles linked to ‘Makandure Madush’ seized

Mohamed Dilsad

TNA recommends 2 Parliamentarians for Parliament Select Committee

Mohamed Dilsad

Leave a Comment