Trending Newsඑසැන පුවත්දේශීය

සක්විතිට අධිකරණයෙන් දඬුවම් නියම කරයි.

මූල්‍ය ආයතනයක් නීතිවිරෝධී ආකාරයෙන් පවත්වාගෙන යමින්, රුපියල් 16ක කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු ලෙස භාර ගැනීම ඇතුළු චෝදනාවලට වරද පිළිගත් චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වූ කුමාරි අනුරාධිනී යන අයට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කර තිබේ. එම චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව එක් එක් විත්තිකරුට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම සිරදඬුවම වසර 10කට අත්හිටුවන බවත් නියෝග කළේය.

ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් 25,000 බැගින් දඩ මුදල්ද නියම කර ඇත. දඩ මුදල් ගෙවීමෙන් පසුව විත්තිකරුවන්ගෙන් ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසත් ඉන් පසුව ඔවුන් මුදාහරින ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

මීට පෙර පැමිණිල්ලේ සහ විත්තියේ මෙන්ම අගතියට පත් පාර්ශවය නීතිඥවරු අතර ඇතිවූ එකඟතාවය මත මෙම විත්තිකරු විසින් තැන්පත්කරුවන්ගෙන් භාරගත් සමස්ත මුදල්වලින් සියයට 60ක් වන නවකෝටි අසූපන් ලක්ෂයකට ආසන්න මුදලක් 2023 වසරේ ජූලි මාසයේ සිට රුපියල් ලක්ෂ පනහ බැගින් වූ මාසික වාරිකවලින් විත්තිකරු ගෙවා අවසන් කර තිබෙන බව ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන විත්තිකරු වසර නවයක් පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවත් දෙවන විත්තිකාරිය වසර දෙකක් පමණ බන්ධනාගාරය භාරය පසුව බවත් සඳහන් කළේය.

බන්ධනාගාරයෙන් ඇප ලබා පැමිණීමෙන් පසුව අමතර උපකාරක පන්ති පවත්වා ලැබුණු මුදල්වලින් මෙම ගෙවීම් සිදුකළ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. මෙම විත්තිකරුවන්ගේ දරුවන් දෙදෙනා ඉදිරියේදී විවාහ වීමට නියමිතව සිටින බැවින් ඔවුන්ට ලිහිල් දඬුවම් නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

Related posts

සමගි ජන සන්ධානයේ දේශපාලන න්‍යාය පත්‍රය වර්ථමානයටත්, අනාගතයටත් වළංගුයි – ඩලස් අලහප්පෙරුම

Editor O

தேசிய கால்நடை அபிவிருத்தி சபையின் தலைவர் நாளை(02) வரையில் விளக்கமறியலில்

Mohamed Dilsad

Nurses at Govt. Hospitals commences token strike

Mohamed Dilsad

Leave a Comment