Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලුණු මිල ඉහළ යෑමට මාලිමා ආණ්ඩුවේ ඇති සම්බන්ධය ගැන මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියයි.

ආණ්ඩුව මෙරටට ආනයනය කරන ලද සියලුම ලුණු තොග, ලුණු විකුණන ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමකට ලබා දී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවැසීය.

මෙසේ ලුණු මිලදී ගත් සමාගමේ සභාපතිවරයා පුත්තලම ලුණු සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙක් බවත්, ඔහු ආචාර්ය කෙනෙකු බවත් රහුමාන් මන්ත්‍රීවරයා අනාවරණය කර ඇත.

‘‘පසුගිය මාස හයක් තිස්සේ රටට ලුණු ගෙනාවේ එස්.ටී.සී. එක, එස්.ටී.සී. එකෙන් ගෙනාපු ලුණු එහෙනම් කොහෙටද ගියේ? පුද්ගලික අංශවලට ලුණු ගෙනෙන්න අවසර දුන්නෙත් නෑ. එහෙනම් ආණ්ඩුව ගෙනාපු ලුණු වෙළෙඳපොළට ආවේ නෑ, ඒකයි මේ ප්‍රශ්නය. ආණ්ඩුව ගෙනාපු ලුණු කැට අපේ රටේ ලුණු විකුණන ප්‍රධාන පෙළේ පුද්ගලික සමාගමකට ලබා දුන්නා. ආණ්ඩුව ගෙනෙන ලුණු කිලෝවක මිල රුපියල් 24යි. ඊට අමතර වියදම් සියල්ල එක්කළ විට රුපියල් 100කට ලුණු කිලෝ එකක් දෙන්න පුළුවන්. නමුත්, වෙළෙඳපොළේ ලුණු කිලෝවක් රුපියල් 350යි 400යි. ආණ්ඩුවෙන් ගෙනෙන ලුණු පුද්ගලික සමාගම් අරගෙන කුඩු කරලා වෙළෙඳපොළට දාන්නේ ඔය ගණන්වලටයි. මේ ලුණු ගන්නේ එක්කෙනක්. පුත්තලම ලුණු සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා. ඒ ආචාර්යවරයා පුද්ගලික සමාගමක සභාපතිවරයෙක්. ඔහු තමයි ඔක්කොම ලුණු ටික අරගෙන තිබෙන්නේ. එයා ලුණු අරගෙන ගිහින් කුඩු කරලා අපිට විකුණනවා. කිලෝව 350යි. කලින් රුපියල් 130ට විකුණුවේ. මෙන්න හාල්වලට අමතරව ලුණු මාෆියාවක් නිර්මාණය වෙලා. මේ ආණ්ඩුව පෙනී සිටින්නෙත් සමාගම් වෙනුවෙන්.

Related posts

පෞද්ගලික රෝහල්වලත් ඖෂධ හිඟයක්

Mohamed Dilsad

අතරමංවූ සංචාරකයින්

Mohamed Dilsad

Australia minister quits over expenses saga

Mohamed Dilsad

Leave a Comment