Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මැයි රැළිය ට යන ගමන් අධිවේගී මාර්ගයේ නීති උල්ලංඝනය කළ මාලිමා ආධාරකරුවන්ට වැඩ වරදී – නීතිය ක්‍රියාත්මක නොකළ පොලීසියටත් වැඩ වරදී

ජාතික ජන බලවේගයේ මැයි දින රැළියට සහභාගි වීමට පැමිණි බව කියන, ආධාරකරුවන් රැගත් බස්රථ දක්ෂිණ අධිවේගි මාර්ගයේ නතර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය. ඊයේ (1) දහවල් කාලයේ බස් රථ සහ වාහන රැසක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ නතර කොට එහි පැමිණි පිරිස් ආහාරපාන ලබා ගනිමින් ගැවසෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. .

මෙම බස්රථ ඉවත් කරගන්නා ලෙසට අධිවේගී මාර්ගයේ රථවාහන පොලිසිය ඔවුන්ට දැනුම් දුන්න ද එය ප්‍රතික්ෂේප කරමින් බස්රථ අධිවේගී මාර්ගයේ නවතා තිබූ බවයි පැවසෙන්නෙ. ඒම අවස්ථාවේ නීතිය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව පොලීසියට එරෙහිව දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග සඳහන් කළේ, ඒ පිළිබඳව මේ වන විට විමර්ශනයක් ආරම්භ වී ඇති බවයි. එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින්ට එරෙහිව ද අධිවේගී මාර්ගයේ නවතා තිබූ බස්රථවලට එරෙහිවද මෙම විමර්ශනය ක්‍රියාත්මක බව නීතිඥ බුද්ධික මනතුංග ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව අධිවේගී මාර්ග මෙහෙයුම් මැදිරියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ ඊයේ (01) දිනයේ ඇතිවූ සිදුවීම පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්. අධිවේගී මාර්ගයේ පයින් ගමන් කිරීම තහනම් වන අතර, එම වරදට ස්ථානයීය දඩ නිකුත් නොකරන බවත්, අධිකරණයට ඉදිරිපත් කරන වරදක් බවයි.

Related posts

අද විදුලි කපන්නේ මෙහෙමයි

Mohamed Dilsad

පොලීසිය සහ ත්‍රිවිධ හමුදා ඉහළ නිලධාරීන්ගේ වත්කම් පරීෂාවක්…

Editor O

Saudi Arabia rejects US Senate position on Jamal Khashoggi

Mohamed Dilsad

Leave a Comment