Trending Newsඑසැන පුවත්දේශීය

පොලීසිය සහ ත්‍රිවිධ හමුදා ඉහළ නිලධාරීන්ගේ වත්කම් පරීෂාවක්…

පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවල ඉහළ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ. 

මූලික අදියරේදී මේ ආයතනවල ඉහළ නිලධාරීන්ගේ වත්කම් ලිපිගොනු අධීක්ෂණය කිරීමටත්, ඉන්පසු පහළ නිලධාරීන් දක්වා එය ව්‍යාප්ත කිරීමටත් සැලසුම් කර ඇත. 

ඉදිරියේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ආගමන-විගමන දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන්ගේද මෙසේ වත්කම් ලිපිගොනු පරීක්ෂා කිරීමට කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

මේ සඳහා දැනට කොමිෂන් සභාවේ සේවය කරන නිලධාරීන් ප්‍රමාණවත් නොවන නිසා ඒ සඳහා කොන්ත්‍රාත් පදනම මත කාර්යමණ්ඩලය බඳවාගැනීමේ හැකියාව සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති අතර, ඒ පිළිබඳ කොමිසම අභ්‍යන්තරයේ සාකච්ඡා කිහිපයක්ද මේ වන විට පවත්වා ඇත.

මේ ආයතනවල කටයුතු කරන නිලධාරීන්ගෙන් කොටසක් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අතර සමීප සම්බන්ධතා පැවැති බවට අනාවරණය වී ඇති තොරතුරු මත මේ පියවර ගෙන ඇත. 

යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ගෙන් ඇතැමුන් සහ පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසක් මේ කණ්ඩායම් සමග සම්බන්ධතා පවත්වා ඇති අතර, ඔවුන් පිළිබඳ දැනටමත් අභ්‍යන්තර විමර්ශන ආරම්භ කර තිබේ.

මූලාශ්‍රය – සිළුමිණ

Related posts

Victims of 2016 disasters to be compensated

Mohamed Dilsad

රන්ජන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

Palestinian teen released from Israel jail

Mohamed Dilsad

Leave a Comment