Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකාවේ බදු ගැන වහා සාකච්ඡා කළ යුතුයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

ඇමරිකාව විසින් පනවා ඇති නව තිරුබදු අනුපාතයන් සම්බන්ධයෙන් වහා සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. එය නිලධාරී මට්ටමේ සාකච්ඡාවක් නොව ජනාධිපති අනුර දිසානායක මහතා මුහුණට මුහුණ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා සමග සිදු කරන සාකච්ඡාවක් විය යුතු බව බවත් හෙතෙම පැවසීය.

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ඉන්දුනීසියානු නායකයා ඇතුළු ලොව ප්‍රධාන පෙළේ රටවල රාජ්‍ය නායකයින් එ් ආකරෙන් කටයුතු කරමින් තම බදු අනුපාතයන් සම්බන්ධයෙන් ඵලදායි එකඟතාවන්ට පැමිණ ඇති බවත් ඒ අනුව වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාද වහා ඇමරිකාවට ගොස් ට්‍රම්ප් ජනාධිපතිවරයා හමුවී මෙම ගැටළුවට සාධනීය මැදිහත්වීමක් සිදු කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

මං දන්නෑ මට බෑ කියමින් තව දුරටත් සැගවී නොසිට කඩිනමින් ඇමරිකාවට ගොස් එම කටයුතුවල නිරත වන ලෙස අවධාරණය කර සිටින බවත් මාධ්‍ය අමතමින් කියා සිටියේය. මෙම තත්වය යටතේ ඉදිරියේදී GSP+ සහනයද අහිමි වීමේ තත්වයක් උදා වී ඇති බවත් ඒ මහතා තව දුරටත් පැවසුවේය.

Related posts

පාසල්වල 6-9 දක්වා ශ්‍රේණි හෙට සිට ඇරඹේ

Mohamed Dilsad

කලු ගඟේ ජල මට්ටම ඉහළට

Mohamed Dilsad

Zoe Kravitz cast as Catwoman in ‘The Batman’

Mohamed Dilsad

Leave a Comment