Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ක්‍රෙඩිට් කාඩ් භාවිතයේ වර්ධනයක්

ශ්‍රී ලංකාවේ නව ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය, 2025 පෙබරවාරි මාසයේදී 1,770කින් වැඩි වී ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි. ජනවාරි අවසානයේ 2,018,996ක් වූ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව පෙබරවාරි අවසානයේ 2,020,766 දක්වා ඉහළ ගිය අතර, එය සියයට 0.1ක වර්ධනයකි. 2025 මුල් මාස දෙක තුළ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සියයට 0.6කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

2024 දී ශ්‍රී ලංකාවේ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සියයට 4.8කින්, එනම් 91,371කින් වැඩි වී ඇත. 2024 දෙසැම්බර් මාසයේදී ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් 19,076කින් ඉහළ ගියේය. කෙසේ නමුත්, 2022 දී මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති අනුපාත ඉහළ යාමත්, රට බංකොලොත් බව ප්‍රකාශ කිරීමත් සමඟ, 2023 දී ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් සියයට 1.8කින්, එනම් 39,991කින් අඩු විය. ඒ අනුව, අධි උද්ධමනයට එරෙහිව 2022 අප්‍රේල් මාසයේදී මහ බැංකුව පොලී අනුපාත තියුනු ලෙස ඉහළ නැංවීය.

Related posts

Pakistan Foreign Minister’s Sri Lanka visit cancelled due to security concerns

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන 152 වෙයි

Mohamed Dilsad

ரணில் – சஜித் இடையில் நாளை முக்கிய சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment