Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් ඡන්දය පවත්වන දින සංශෝධනය කරයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සළකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්. එම්. ඒ . එල්. රත්නායක මහතා සඳහන් කළේ අදාළ සංශෝධිත දින වන්නේ අප්‍රේල් මස 24, 25, 28 සහ 29 යන දිනයන් බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා, “ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ඇතුළු සියලූම ආයතන සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මාසයේ 24,25, 28 සහ 29 යන දින 4 තුළ සිදු කිරීමට තීරණය කර තිබෙනවා.”

“කිසිදු වෙනස්කමක් නොමැතිව සියලූම රාජ්‍ය ආයතන සහ අනෙකුත් සියලුම ආයතනවල තැපැල් ඡන්ද දායකයින්ට මේ දින 4දී තමන්ගේ කාර්යාලයේදී අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.” “ඒ වගේම මහනුවර සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ රාජකාරීවල යෙදී සිටින පොලීසියේ සියලුම නිලධාරීන් සඳහා විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ පිහිටුවනු ලබනවා.” 

“ඒ වගේම ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ඒ ඒ හමුදා කඳවුරුවලදී නියම කරනු ලබන සහතික කිරීමේ නිලධාරියෙක් ඉදිරියේ මේ දින 4 තුළ තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා.” ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 339 සඳහාම සියලුම ඡන්දහිමියන් වෙත බෙදාහැරීමට නියමිත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඊයේ (16) දිනයේදී අදාළ තේරීම්භාර නිලධාරීන් විසින් තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත. ඒ අනුව එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම මේ වනවිට ආරම්භ කර තිබේ.

අප්‍රේල් මස 29 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු සිදුකරයි. අප්‍රේල් මස 29 පසු යම් පුද්ගලයෙකුට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් අදාළ තැපැල් කාර්යාලයෙන් ඒ පිළිබඳව විමසීම් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය

Related posts

Guatemala volcano: Almost 200 missing and 75 dead

Mohamed Dilsad

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 125 ක සහන ණයක්

Mohamed Dilsad

New Special High Court begins sittings today, former SLIC Chairman, MD to be indicted

Mohamed Dilsad

Leave a Comment