Trending Newsඑසැන පුවත්දේශීය

අගමැති මෝදි විවෘත කළ, කෘෂි ගබඩාව වසා දමලා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරයේදී විවෘත කෙරුණු උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි දඹුල්ලේ කෘෂි ගබඩා සංකීර්ණය මේ දක්වා ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා චෝදනා කරයි.

එහි නිරීක්ෂණයකට ඊයේ (15) එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ අදාළ ගබඩා සංකීර්ණය විවෘත කළ බව පවසමින් වත්මන් ආණ්ඩුව ජනතාව රැවටීමකට ලක්කර ඇති බවය.

උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි පරිදි මෙට්‍රික් ටොන් 5000ක ධාරිතාවක් සහිතව ඉදිකළ දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණයෙහි ඉදිකිරීම් ආරම්භ වූයේ ඉකුත් 2019 වසරේ පැවති යහපාලන ආණ්ඩු සමයේ, හර්ෂ ද සිල්වා මහතා ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යධුරය දරමින් සිටියදීය.

කෙසේවෙතත් එම සංකීර්ණය  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරයේදී පසුගිය 05 වැනිදා මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කෙරුණි.

එහි වත්මන් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද එහි ගිය අතර ගබඩා සංකීර්ණයේ තත්ත්වය සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සජීවී වීඩියෝවක් පළ කර තිබුණි

Related posts

වෛද්‍ය වැඩවර්ජනය අවලංගුයි

Mohamed Dilsad

அக்‌ஷரா ஹாசனின் தனிப்பட்ட புகைப்படங்கள் லீக்

Mohamed Dilsad

Robbers kill man, allegedly gangrape 4 women in Uttar Pradesh Highway loot

Mohamed Dilsad

Leave a Comment