Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් ආණ්ඩුව පච කියමින්, පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය ලුණු ප්‍රමාණයවත් නිසියාකාරව සැපයිය නොහැකි ආණ්ඩුවක් ජනතාවට සෙත සලසන්නේ කෙසේද යැයි ගැටලුවක් ගැටලුවක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය. ඔහු මෙම අදහස් පළ කළේ මීගමුව ආසන්නයේ, කොච්චිකඩේ කොට්ඨාසයේ පැවැති ජන හමුවක් අමතමිනි.

එම ජන හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා මෙසේ ද කීවේය. වර්තමාන දේශපාලනය තුළ බොහෝ දෙනා ප්‍රකාශිත දේශපාලනය සහ ක්‍රියාත්මක දේශපාලනය අතර වෙනස අවබෝධ කර ගෙන නැහැ. දේශපාලන වේදිකාවේ පොරොන්දු දීම, ප්‍රකාශන නිකුත් කිරිම, නිවේදන නිකුත් කිරීම සිදු කරාට ඒවා කොතෙක් දුරට ක්‍රියාත්මක වෙනෙව ද කියා ගැටලුවක් මතුවෙනවා. විදුලි බිල පවා තුනෙන් එකකින් අඩු කරනවා කිව්වට අවසානයේ එකත් අඩු කරේ ජනතාවගේ බලපෑම මත.

ඉන්ධන මිල අඩු කරනවා කිව්වට ඒක කරේ නෑ. අද වන විට තියෙන්නෙ ජනතා විරෝධී ආණ්ඩුවක්. පාසල් උපකරණවලට අත්‍යාවශ්‍ය භාණ්ඩවලට වැට් බදු ගහපු නිසා ඒවායේ මිල ඉහළ ගිහින්. ලුණු ටිකවත් හරියට සපයන්නවත් බැරි රජයක් ජනතාවට සෙත සලසන්නේ කොහොම ද…?

දුප්පත්කම තුරන් කරලා, ආර්ථික වර්ධනය කරලා රට දියුණු කරන්නේ කොහොම ද කියල මේ රජයට ගැටලුවක් මතුවෙලා. මේ ආණ්ඩුව රටත් ජනතාවත් රවටන පච ආණ්ඩුවක්. මොවුන් බොරු කීමෙන්, මුසාවෙන්, මුළාවෙන් ජනතාව ඇන්දවූ ආණ්ඩුවක්. සූර්ය බලය, ජල බලය, සුළං බලය ආදී අඩුම පිරිවැයක් වැයවන පුනර්ජනනීය බලශක්තියට මේ රජය කරන හානිය ඉතා විශාලයි.

මොවුන් විපක්ෂයේ සිටින විට පුනර්ජනනීය බලශක්තියට මුල්තැන ලබා දෙනවා කියල කිව්වා. බලය ලබා ගත්තට පස්සෙ ඩීසල් මාෆියාවේ සිරකරුවන් බවට පත්වෙලා. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ම පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා.’’

Related posts

US prosecutors seek $14bn seizure from drug lord El Chapo

Mohamed Dilsad

London show hosts the first Saudi woman specializing in Islamic designs

Mohamed Dilsad

Keheliya Rambukwella to appear before court today

Mohamed Dilsad

Leave a Comment