දේශීය

වෛද්‍ය වැඩවර්ජනය අවලංගුයි

(UTV | කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන් විසින් හෙට උදෑසන සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම සංගමය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කළ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිත දැනුම්දීමත් සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

මේ අතර ජනවාරි මාසය සඳහා සාමාන්‍ය වැටුප් ලේඛනය මගින් DAT දීමනාව නොලැබෙන වෛද්‍යවරුන් සඳහා අදාළ දීමනාව විශේෂ වවුචරයක් මගින් ගෙවන ලෙස ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම තීරණයත් සමග රජයේ විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද සිය වර්ජන ක්‍රියාමාර්ගය අත්තිටුවීමට තීරණය කර ඇත.

 

Related posts

මැතිවරණයේදී ඡන්දදායකයන් පාරිභෝගිකයන් නොවිය යුතුයි

Editor O

අන්තරේ පා ගමනට ‘පහර දීම’ ගැන ෆොන්සේකා ගෙන් ෆේස්බුක් සටහන

Mohamed Dilsad

35 වන පොලිස්පති ලෙස සී.ඩී. වික්‍රමරත්න අද වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment