Trending Newsඑසැන පුවත්දේශීය

රථවාහන දඩ, ඔන්ලයින් ගෙවීමේ නියමු ව්‍යාපෘතිය ඇරඹේ

රථවාහන වැරදි වලට අදාළ දඩ මුදල් GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවිමේ නියමු ව්‍යාපෘතියක් අද (11) ආරම්භ වේ.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය ඩිජිටල්කරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

දැනට ක්‍රියාත්මක වන්නේ රියැදුරන් විසින් කරනු ලබන රථවාහන වැරදි සදහා පොලිස් නිලධාරී විසින් නිකුත් කරන දඩ පත්‍රිකා තැපැල් කාර්යාල වෙත රැගෙන ගොස් ගෙවිම සිදුකිරිමයි.

එම කුවිතාන්සිපත නැවත පොලිස්ථානය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රියැදුරු බලපත්‍රය නැවත ලබා ගැනීම සිදු කෙරේ .

ව්‍යාපෘතිය අද(11) සිට මේ මස 30 වැනි දින දක්වා කුරණෑගල,දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල,මඩාටුගම,මරදන්කඩවල,කැකිරාව,තිරප්පනේ,කවරක්කුලුම, හා අනුරාධපුර යන ප්‍රදේශවල මාර්ග ආවරණය පරිදි ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

Related posts

வவுனியா-வவுனியா நகர சபை உத்தியோகபூர்வ முடிவுகள்

Mohamed Dilsad

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

Samsung Chief questioned in South Korea corruption probe

Mohamed Dilsad

Leave a Comment