Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

තීරු බදු ඉහළ දැමීම ගැන රටවල් රැසක් ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට සූදානම්වෙයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව පුරා රටවල් රැසකට පනවනු ලැබූ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රටවල් රැසක් මේ වනවිට අමෙරිකාව හා සම්බන්ධ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ කෙවින් හැසෙට් සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම වාර්තා පෙන්වා දෙන්නේ, රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට ධවල මන්දිරය හා සම්බන්ධවීමට උත්සාහ දරා ඇති බවයි.

එම වාර්තා තවදුරටත් පවසා සිටින්නේ ඊශ්‍රායල ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහු මහතාද වෙළෙඳ සාකච්ඡා සඳහා ට්‍රම්ප් හමුවීමට වොෂින්ටනය වෙත පැමිණීමට නියමිත බවය. ට්‍රම්ප් ඉකුත් බදාදා තීරුබදු පැනවීම නිවේදනය කිරීමත් සමග වියට්නාමය පවසා සිටියේ අමෙරිකානු භාණ්ඩ සඳහා ආනයන තීරුබදු 0% දක්වා අඩු කරන බවයි.

කාම්බෝජය ද එක්සත් ජනපද නිෂ්පාදන සඳහා 5% ක ආනයන තීරුබදු යෝජනා කරමින් ලිපියක් යවා ඇත. ඉන්දුනීසියාව සහ තායිවානය ද අමෙරිකාව සම්බන්ධයෙන් ලිහිල් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

Related posts

ජාතික ඉන්ධන අවසර පත්‍රයට නව විශේෂාංගයක්

Mohamed Dilsad

India MP Shashi Tharoor charged over wife’s death

Mohamed Dilsad

சிலியில் 6.5 ரிக்டர் அளவுகோலில் சக்திவாய்ந்த நிலநடுக்கம்

Mohamed Dilsad

Leave a Comment