Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිෂමට කැඳවයි.

රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ සංස්ථාවල සභාපතිවරුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියමිත බවය. අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා අදාළ රාජ්‍ය නිලධාරීන් ලබන සතිය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය.

Related posts

බන්ධනගාර රැඳවිකු මිය යයි

Mohamed Dilsad

நஜீப் ரசாக் இல்லத்தில் இருந்து பல லட்சம் நகைகள் பறிமுதல்

Mohamed Dilsad

Railway Strike: Special buses provided, Government to bear the costs for the service

Mohamed Dilsad

Leave a Comment