Trending Newsඑසැන පුවත්දේශීය

සහන මිලට පොල් පෝර ගන්න විදිය මෙන්න

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන “කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීමේ සමාරම්භය මාර්තු 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

රුසියාවේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු MOP පොහොර මෙට්‍රික් ටොන් 27,500ක් හා එප්පාවල රොක් පොස්පේට්, යූරියා මිශ්‍ර කර පොල් වගාව සඳහා විශේෂිත AMP පොල් පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් සකස් කිරිම රාජ්‍ය පොහොර සමාගම මේ වන විට කටයුතු කරමින් පවතී. 

මෙම පොහොර සහන මිලට ලබාදීම සහ බෙදාහැරිම සඳහා අවශ්‍ය කටයුතු පොල් වගා කිරිමේ මණ්ඩලය සහ රාජ්‍ය පොහොර සමාගම් විසින් සිදු කරමින් පවති.

වෙළෙඳපලේ රු. 9,000/- වැනි මිලක් ව පවතින කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් රු. 4,000/- ක සහන මිලකට ලබාදෙයි.

මෙහිදි අක්කර 5ට අඩු අක්කර 1/4ට වැඩි පොල් වගාභූමි අක්කර 350,000 ක් ඇති බවට තොරතුරු පවතින බවත් පැවසු අමාත්‍යවරයා පැවසුවේ මෙමගින් විශාල පොල් වගා කරුවන් පිරිසකට ප්‍රතිලාභ හිමිවනු ඇත.

රු. මිලියන 5,600ක ආයෝජනයක් මත මෙම පොහොර සහනාධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මෙම පොල් පොහොර භාවිතා කොට රටේ පොල් අවශ්‍යතාව සම්පූර්ණ කිරිම අරමුණ බවත් මෙම පොහොර යෙදිමෙන් වසර 1 ½ කට පසු අස්වැන්න වැඩි කරගනිමින් එම අරමුණ සාක්ෂාත් කර ගැනීම අරමුණයි.

පොල් වගාකරුවන් මෙම සහනාධාරය ලබා ගැනීමට පොල් වගා කිරිමේ මණ්ඩලය මඟින් සකස් කළ ඉල්ලුම් පත්‍රය පුරවා අදාළ බලයලත් ආයතන වෙත ඉදිරිපත් කළ යුතු අතර ඒ සඳහා ඉල්ලුම් පත්‍ පොල් වගා කිරිමේ මණ්ඩලයේ නිල වෙබ් අඩවිය වන  https://coconutsrilanka.lk/ වෙත පිවිසීමෙන් ලබා ගතහැකිය.

Related posts

ஈரான் தூதுவரின் உத்தியோகபூர்வ இல்லத்தில் திடீர் தீப்பரவல்

Mohamed Dilsad

මහමැතිවරණයට අදාළ මාර්ගෝපදේශ මැතිවරණ සභාපති වෙත

Mohamed Dilsad

Lankan Consul General says, “Gaining more market access is focus area for Sri Lanka”

Mohamed Dilsad

Leave a Comment