Trending Newsඑසැන පුවත්දේශීය

සතොසෙන් අඩු මිලට දෙන බඩු මල්ලෙන් දිළිඳු ජනතාවට සහනයක් නැහැ – හිටපු ඇමති උදය ගම්මන්පිළ

ආණ්ඩුවේ සහන මල්ලෙන් දිළිඳු ජනතාවට සහනයක් නෑ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙළ උරුමය නායකයා මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

දිළිඳු ජනතාවට රුපියල් පන්දහසක් වටිනා භාණ්ඩ මල්ලක් රු2,500/-ට දීමේ අයවැය යෝජනාව අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක කිරීමට ඇමති මණ්ඩලය පෙරේදා අනුමත කරලා තිබුණා. නමුත් 2,500/-ක සහනය ලබන්න නම් දිළිඳු ජනතාව බඩු මල්ල මිල දී ගන්න රු2,500ක් සොයා ගන්න ඕනි.

අපේ සමාජයේ දිළිඳුම ජනතාව ගෙවන්නේ ඉතාම පීඩාකාරී ජීවිතයක්. ආණ්ඩුව පොරොන්දු වුණු පරිදි පළමු අයවැයෙන් ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍යය මත තිබෙන බදු ඉවත් කරලා ජනතාවට සහනයක් දුන්නේ නෑ. අද තිබෙන ජීවන වියදම අනුව දුප්පත් ජනතාවට 2,500ක් නොවේ රු500ක් අතේ ඉතිරි කර ගන්න හැකියාවක් නෑ. එහෙම නම් සහන මිලට බඩු මල්ල ගන්න ජනතාව රු2,500 සොයා ගන්නේ කොහොමද? දුප්පත්ම ජනතාව සතුටු සිතින් අවුරුදු කනවා දකින්න ආණ්ඩුවට ඇත්තටම ඕනෑ නම් ආණ්ඩුව කළ යුත්තේ රු 5000ක් වටිනා බඩු මල්ලේ මිල 2,500කින් අඩු කිරීම නොවේ. රු 2,500ක් වටිනා බඩු මල්ලක් නොමිලේ ලබා දීමයි.

මේ ක්‍රම දෙකේදීම ආණ්ඩුවේ පිරිවැය එකයි. නමුත් අපි යෝජනා කරන ක්‍රමයට ඇත්තටම දිළිඳු අතේ සතේ නැති අයටත් අවුරුදු කන්න අවස්ථාව ලැබෙනවා.

Related posts

பாட புத்தகங்களில் குறைபாடுகள் இருக்குமாயின் உடனடியாக அறிக்கை சமர்ப்பிக்குமாறு ஆலோசனை

Mohamed Dilsad

டிரம்புடன் சிங்கப்பூர் பிரதமர் சந்திப்பு

Mohamed Dilsad

Interim Order holds SLC Election

Mohamed Dilsad

Leave a Comment