Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ මහ නගර සභාවේ බලය ගන්න එජාප ය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා…?

ඉදිරියේදී කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙන බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ඡාවකදී, මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

එක්සත් ජාතික පක්ෂය ගත් තීරණය සම්බන්ධයෙන් පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති සංවිධායකවරුන්ට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේදීද මේ බව දැනුම් දී තිබෙන බවද වාර්තා වේ.

කොළඹ මහ නගර සභාවට අමතරව වෙනත් පළාත් පාලන ආයතන සඳහා එක්ව තරඟ කිරීමට සමගි ජන බලවේගය සූදානම් නම් ඒ සඳහාද ලබන 20 වැනිදා තෙක් කාලය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව, එහිදී ඔහු පවසා ඇති බව සඳහන් වේ.

Related posts

ஐ.தே.க யின் பாராளுமன்ற உறுப்பினர்கள் இருவரும் பிணையில் விடுதலை

Mohamed Dilsad

Chris Pine, Chris Hemsworth exit “Star Trek 4”

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට ස්ථාන මාරු

Mohamed Dilsad

Leave a Comment