Trending Newsඑසැන පුවත්දේශීය

රෑට මැරෙන්න එපා…! මියයෑමට සිටින අයට, වෘත්තීය ක්‍රියමාර්ගයක යෙදී සිටින ග්‍රාම නිලධාරීනියන්ගෙන් දැනුම්දීමක්

ග්‍රාම නිලධාරිනියන්ටත් විවිධ අවස්ථාවල අනතුරුදායක සිදුවිමීවලට මුහුණ දීමට සිදුව තිබෙන නිසා ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සැලසීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලා අද (13) සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තම සංගමයට අයත් සාමජිකයන් විසින් සිදුකරන බවත් මේ සඳහා සහාය දක්වන ලෙසට අනෙකුත් සංගම්වල නියොජිතයන්ගෙන් ද ඉල්ලා සිටින බවත් එම සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා සඳහන් කළේය.

ග්‍රාම නිලධාරීන් සැලකීමේදී සියයට හැටකට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් බවත් බොහෝ ග්‍රාම නිලධාරි කාර්යාල පවතින්තේ හුදකලාවේ හෝ ජනශුන්‍ය ප්‍රදේශවල බවත් හෙතෙම පවසා සිටියේය. මේ නිසා නිලධාරිනියන්ගේ ආරක්ෂාව සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලා අද රාත්‍රියේ සිට රාත්‍රියේදී යෙදෙන ආපදා, මරණ ඇතුළු සියලුම රාජකාරිවලින් ඉවත් වීමට කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය.

හෙට සිට සතියකට වරක් කාර්යාලයෙහි රැඳී සිටින දින තුනෙහිදී පෙ.ව.8.30.සිට ප.ව.01.00දක්වා පමණක් (ක්ෂේත්‍ර රාජකාරිවලට යටත්ව) කාර්යාලයේ රැඳී සිටීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

සමාන්‍ය ක්‍රමවේදයට අනුව උදේ 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලයෙහි රැඳී සිටිය යුතු වුවත් හුදෙකලා ප්‍රදේශවල පවතින කර්යාලවල සිට තම නිවසට යාමේදී සවස් යාමයේ කාන්තා නිලධාරිනියන් අනාරක්ෂිත වන බව ඔහු පැවසීය. මේ ආකාරයට හුදෙකලා කාර්යාලවල සිටින නිලධාරිනියන්ට විවිධ අවස්ථාවලදී ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙන බවද නෙවිල් විජේරත්න මහතා සඳහන් කළේය.

Related posts

Seven injured after lorry loses brakes and crashes into multiple vehicles

Mohamed Dilsad

කොරෝනා වෛරසය නිසා මිය ගිය පුද්ගලයින් ගණන 258 ක්

Mohamed Dilsad

Chinese school sets up ‘marks bank’ to reduce stress

Mohamed Dilsad

Leave a Comment