දේශීය

පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට ස්ථාන මාරු

සේවා අවශ්‍යතා මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිවයි.

ඒ අනුව, නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 9 දෙනෙක් හා පොලිස් අධිකාරීවරු  8 දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර දකුණු දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එස් ඩබ්ලිව් එම් සේනාරත්න මහතා යාපනය දිසාවට මාරු කළ බවත් යාපනය දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කේ කඩුවපිටිය බස්නාහිර දකුණු දිසාවට මාරු කර ඇති බවත්ය.

Related posts

ඉතිහාසය විසින් වත්මන් ආණ්ඩුවේ ගුණ අගුණ තීරණය කරාවි – හිටපු ඇමති නිමල් සිරිපාල

Editor O

අඩු ආදායම්ලාභීන් රැකියා සඳහා නියුක්ත කිරීම සැප්තැම්බර් 02දා සිට

Mohamed Dilsad

සජබ මන්ත්‍රීවරුන්ගෙන් නීතිපතිට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment