Trending Newsඑසැන පුවත්දේශීය

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මතයි

වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පස්වරුවේ පැවැත්වුණි. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 155ක් සහ විරුද්ධව ඡන්ද 46ක් ලැබුණි. කිසිඳු මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී නොසිටියේය. ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ බවය.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.  අනතුරුව පෙබරවාරි 18 සිට අද (25) දක්වා, දින 7ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණි. මේ අනුව කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වැනිදා දක්වා දින 19ක් පැවැත්වෙයි. 2025 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා ප.ව 6ට පැවැත්වීමට නියමිතය

Related posts

மன்னார் ஆயர் இல்லம், திருக்கேதீஸ்வர ஆலயத்திற்கு சஜித் பிரேமதாச விஜயம்

Mohamed Dilsad

Kandy Esala Perahera to commence on Aug. 12

Mohamed Dilsad

Indonesia quake and tsunami Bodies buried in mass grave

Mohamed Dilsad

Leave a Comment