Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉන්දන පිරවුම්හල් වැසීයෑමේ අවධානමක් ගැන අනාවරණයක්

ඛණිජ තෙල් බෙදුම්කරුවන්ට සියයට 03%ක කොමිස් මුදලක් ලැබෙන බවට පැතිර යන ප්‍රකාශය අසත්‍ය බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. මෙම කොමිස් මුදල ලබාදී ඇත්තේ, ආදායමක් ලෙස බවත් ඉන් වැට් බදු ගෙවීම, ඉන්ධන පිරවුම්හල්හි වතුර බිල්, ලයිට් බිල් ගෙවීම, සේවක වැටුප් ගෙවීම කළ යුතු බවද සඳහන් කරයි.

එනිසා මෙම කොමිස් මුදල අඩු කිරීමට රජය පියවර ගතහොත් රට පුරා ඇති ඉන්ධන පිරවුම්හල් වැසීයෑමේ අවධානමක් ඇතැයි ද එම සංගමය සඳහන් කරයි. ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් අද (25) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. මෙම මාධ්‍ය හමුවට සංගමයේ සභාපති ඩබ්ලිව්.එස්.එස්. ප්‍රනාන්දු සහ ලේකම් කුසුම් සඳනායක යන මහත්වරු සහභාගී වූහ.

Related posts

සූර්ය බල විදුලිය උත්පාදනය මෙගාවොට් 1000 ඉක්මවයි – බලශක්ති අමාත්‍යංශය

Editor O

උසස් පෙළ උපකාරක පංති තහනම් කරයි

Editor O

பிரதமரை விலகுமாறு நான் கூறவில்லை-ஹர்ஷ டி சில்வா

Mohamed Dilsad

Leave a Comment