Trending Newsඑසැන පුවත්දේශීය

රෝහිනී කවිරත්න මන්ත්‍රීවරියගේ ප්‍රකාශයෙන්, නියෝජ්‍ය ඇමති හේවගේට කෙඳිරි ගෑවෙයි

තමා කිසි දිනෙක නම වෙනස් කර නොගත් බවත්, නලින් හේවගේ ඇමතිතුමාට හැකි නම් ප්‍රසිද්ධියේ සිය අත් දෙක ඔසවා දබර ඇඟිළි දෙක පෙන්වන ලෙස අභියෝග කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා.

අද (25) පාර්ලිමේන්තුවේදි ඇය මේ බව ප්‍රකාශ කළේ බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සිය පියා සම්බන්ධයෙන් සිදු කළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින්.

“ නලින් හේවගේ මන්ත්‍රීතුමා ඔබතුමා ගොඩින් එනවානම් ගොඩින් එන්න, විවාදයකදී කරුණු ඉදිරිපත් කළාම ඒක බිඳින්න ඕන නම් ඒ විදියට එන්න, මං වෙනුවෙන් පෙනී හිටපු විපක්ෂ නායක තුමාට, හර්ෂද සිල්වා මන්ත්‍රීතුමාට ස්තුති කරනවා.

මෙතන ඇති නම වෙනස් කරගත්ත අය, ඔයගොල්ලන්ගේ ජනාධිපතිතුමාත් නම වෙනස් කරගත්ත කෙනෙක්, අරවින්ද දිසානායක අනුර කුමාර දිසානායක වුණා, ඒවා අපිට අදාළ නැහැ. නලින් හේවගේ ඇමතිතුමා එක දෙයක් කරන්න, ප්‍රසිද්ධියේ තමන්ගේ අත් දෙක උස්සලා දබර ඇඟිලි දෙක පෙන්නන්න. දබර ඇඟිල්ලේ පුරුකක් අඩුවුණේ ඇයි කියන එක මැදවච්චියේ බිංදුසාර මහත්තයාගෙන් අහන්න, දැන් එයා ගුරුවරයෙක්”    

Related posts

ஜனாதிபதி-த.தே.கூட்டமைப்பு இன்று மாலை நான்கு மணியளவில் சந்திப்பு

Mohamed Dilsad

Gmail மற்றும் Google drive ல் சிக்கல்…

Mohamed Dilsad

நாணய சுழற்சியில் இந்தியா வெற்றி

Mohamed Dilsad

Leave a Comment