Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දූ – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව යළි ඇරඹෙයි

තාවකාලිකව නතර කර තිබූ ඉන්දු – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව මාස හතරකට පමණ පසු ඊයේ (22) සිට යළිත්, ආරම්භ කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

ඉන්දියාවේ නාගපට්නම් වරාය හා ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ වරාය අතර මෙම මගී යාත්‍රා සේවාව ක්‍රියාත්මක කෙරේ. මගී යාත්‍රා සේවාව ආරම්භ කෙරෙමින් ඉන්දියාවේ සිට මගීන් 83 දෙනෙකු ඊයේ (22) පැමිණි බවත් මෙරටින් මගීන් 89 දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව ගිය බවද අධිකාරිය සඳහන් කරයි. මෙම මගී යාත්‍රා සේවාව අගහරුවාදා හැර සෙසු දිනවල ක්‍රියාත්මක කෙරෙන බවත් සදහන් කරයි

Related posts

පාස්කු ඉරිදා දිනය අදයි

Mohamed Dilsad

ප්‍රංශ සමුළුව අතරතුර ජනපති හෙළිකළ අභියෝගය

Mohamed Dilsad

පාර්ලිමේන්තු මංගල රැස්වීමට සහභාගීවීමට පිල්ලෙයාන්ට අවසර

Mohamed Dilsad

Leave a Comment