දේශීය

පාර්ලිමේන්තු මංගල රැස්වීමට සහභාගීවීමට පිල්ලෙයාන්ට අවසර

(UTV | මඩකළපුව) –  පිල්ලෙයාන් හට ලබන 20 වැනිදා පැවැත්වෙන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම සඳහා සහභාගීවීමට මඩකළපුව මහාධිකරණය විසින් අවසර ලබාදී ඇත.

ඔහු විසින් ඉදිපත්කළ පෙත්සමක් අද (18) මඩකළපුව මහාධිකරණ හමුවේ විභාගයට ගැනීමෙන් අනතුරුව, විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කර තිබේ.

2005 වර්ෂයේ දී මඩකළපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

 

Related posts

ඇප අයඳුම්පත් සලකා බැලීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ

Mohamed Dilsad

මෙරට වායු දුෂණයත් ඉහළ යයි

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගනි.

Mohamed Dilsad

Leave a Comment