Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

භාණ්ඩ මිල වැඩි බවට අදහස් පළ කර, මාලිමා ආණ්ඩුව අපහසුවට පත් නොකරන ලෙස දන්වමින් අසේල සම්පත්ට තර්ජනය කරලා.

තමන්ට එල්ල වූ මරණ තර්ජන කිහිපයක් සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානයට පැමිණිලි කළ බව ජාතික පාරිභෝගික පෙරමුණේ පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කරයි.

පොල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් තමන් අදහස් පළ කිරීම හේතුවෙන් කෝපයට පත් වූ පිරිස් විදේශයන් හි සිට තමන්ට තර්ජනය කළේ ආණ්ඩුව අපහසුතාවයට පත් නොකරන ලෙස බවද හෙතෙම කියා සිටියේය.

මේ හේතුවෙන් ඉදිරියේදී තමන් ජීවිතයට යමක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ඩුබායි මධ්‍යසාර බදු අඩුකරයි

Mohamed Dilsad

දුෂ්කර සමයේ ශ්‍රී ලංකාවට සහාය දෙන බව ඉන්දියාව කියයි

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

Leave a Comment