Trending Newsඑසැන පුවත්දේශීය

ඝාතන රැල්ල නතර කිරීමට විසඳුම් සොයනවා වෙනුවට ආණ්ඩුව බෝලේ පාස් කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

රටේ පැතිරෙන ඝාතන රැල්ල සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙනවා වෙනුවට ආණ්ඩුව අනුගමනය කරමින් සිටින්නේ බෝලය පාස්කිරීමේ න්‍යාය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේය.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය. “ආණ්ඩුව මේකත් පහුගිය ආණ්ඩුවටයි රාජපක්ෂවරුන්ටයි විපක්ෂයටයි චෝදනා නොකර මේක මර්දනය කරන්න විසඳුමක් ලබාදෙන්න කටයුතු කළොත් හොඳයි. බෝලෙ පාස් කිරීමේ න්‍යාය තමයි ආණ්ඩුව අනුගමනය කරන්නෙ. ඉතින් අපි දැක්කා අමාත්‍යවරයෙක් අධිකරණයෙන් එළියට බැහැලා පාර පුරා දුවනවා වාහනේ හොයාගෙන. එතනම එතුමාගේ මුහුණෙන් පෙනුනා කොතරම් බයෙන්ද එතුමා ඉන්නෙ කියලා. එතුමාත් නීතීඥවරයෙක් විදියටත් බයෙන් නම් තමන්ගෙ රියදුරා පස්සෙ දුවන්නෙ, මේ රටේ සාමාන්‍ය ජනතාවට මෙවැනි සිදුවීමක් වාර්තා වුණාම කෙතරම් කම්පනයක් ඇතිවෙනවාද කියලා අපට හිතාගන්න පුළුවන්. තව ටික දවසක් යනකොට මාව අත් අඩංගුවට ගත්තොත් පුදුම වෙන්න එපා, ගත්තෙ නැත්නම් තමයි ඔබට පුදුම වෙන්න වෙන්නෙ. මොකද ඒක පිට දාලාහරි මේක යටගහගන්න පුළුවන්. මාව අත් අඩංගුවට අරගෙන මේ ඝාතන රැල්ලේ මනස ජනතාවගෙන් අයින් කරගන්න එක විතරයි ආණ්ඩුවට තියෙන්නේ” යැයි ද කීවේය.

Related posts

ලබන සදුදා පාසල් 15 ක් වැසේ

Mohamed Dilsad

කොමර්ෂල් හා ලක් පොහොර සමාගම්වල ස්වේච්ඡාවෙන් විශ්‍රාමගත් සේවකයන් ට වන්දි

Editor O

සතොස හරහා එක් පුද්ගලයෙකුට මිළදි ගත හැකි පොල්ගෙඩි සංඛ්‍යාව තුනක්

Mohamed Dilsad

Leave a Comment