Trending Newsඑසැන පුවත්දේශීය

මොනරාගල රෝහලේ මුල්ගල් තැබීමකට මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති බලෙන් පනී !

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මූල්‍ය පරිත්‍යාගයෙන් මොනරාගල දිස්ත්‍රික් රෝහලේ නව තෙමහල් හෘද රෝග ඒකකයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (16) පෙරවරුවේ සිදුකෙරිණි.

මෙම මුල්ගත් තැබීමේ උත්සවය මොනරාගල දිස්ත්‍රික් රෝහල විසින් සංවිධානය කර තිබුණු අතර ඔවුන් තීරණය කර තිබුණේ ඊට කිසිදු දේශපාලනඥයකුට ආරාධනා නොකිරීමට ය. ඒ අනුව කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා, මෙම ඉදිකිරීම් කටයුත්තට ශ්‍රම දායකත්වය සපයන යුධ හමුදාව වෙනුවෙන් බ්‍රිගේඩියර්වරයකු ඇතුළු පිරිසක් සහ රෝහලේ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

කිසිදු දේශපාලනඥයකුට ආරාධනා නොකිරීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර තිබුණත් ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් නායකයා වන වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා අනාරාධිතවම බලෙන්ම එම ස්ථානයට පැමිණ මුල්ගල් තැබීමේ අවස්ථාවට මැදිහත් වන ආකාරය ඒ අවස්ථාවේදී දක්නට ලැබිණි.

රෝහල් පාලනාධිකාරිය විසින් උත්සවය සැලසුම් කළ ආකාරය අනුව සුබ නැකතින් තැන්පත් කිරීම සඳහා එහි සූදානම් කර තිබුණේ මුල්ගල් තුනක් පමණි. ඒ, මූල්‍ය දායකත්වය සපයන කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාත්, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාත්, ශ්‍රම දායකත්වය සපයන යුධ හමුදාව වෙනුවෙන් එහි පැමිණි බ්‍රිගේඩියර්වරයාත් අතින් මුල්ගල් තැබීම සඳහා ය. එහෙත් නියෝජ්‍ය ඇමතිවරයා බලෙන්ම එතැනට කඩාවැදීම හේතුවෙන් ඔහුට තැන්පත් කිරීමට මුල්ගලක් නොමැති වීම නිසා අවසානයේ කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා තමන් අතට ලැබුණු මුල්ගල නියෝජ්‍ය ඇමතිවරයාට දී පසෙකට වනු ද දැකගත හැකිවිය.

මුල්ගල් තැබීමේ අවස්ථාවේ කතාවක් පැවැත්වීමට නියමිතව තිබුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පමණක් වුවත් නියෝජ්‍ය ඇමති ආර්. එම්. ජයවර්ධන බලෙන්ම එහිදී කතාවක් ද පැවැත්වුයේය. එම කතාවෙන් පවා ඔහු මෙම සද්කාර්යය අවතක්සේරු කරන ආකාරය දැකගැනීමට ද ලැබිණි. නියෝජ්‍ය ඇමතිවරයා සිය කතාවෙන් පැවසුවේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබාගෙන නොමැති බවත් ඒ අනුව එම අනුමැතිය ලබාගෙන ඉදිකිරීම් කටයුතු කරන ලෙසත් ය. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඉංජිනේරුවරුන් විසින් සැලසුම් කරන ලද මෙම ගොඩනැගිල්ලට ප්‍රාදේශීය සභාවේ අනුමැතිය නොමැති නම් රෝහල් පාලනාධිකාරිය දැනුවත් කර අදාළ පියවර ගනු විනා මෙවැනි උත්සව අවස්ථාවක එය ඉස්මතු කිරීම අනවශ්‍ය දෙයක් බව ඇමති මණ්ඩලයේ සාමාජිකයකු නොවන ඕනෑම සාමාන්‍ය මිනිසෙකුට වුවත් තේරෙන දෙයකි.

– LNW

Related posts

GMOA: Doctors’ protest heads to the South

Mohamed Dilsad

Construction of Port City Project to begin

Mohamed Dilsad

மின்சாரத்தை சிக்கனமாக பயன்படுத்த ரவி முன்வைத்த யோசனைக்கு அமைச்சரவை அனுமதி

Mohamed Dilsad

Leave a Comment